Thursday, September 15, 2016
දෙපිරිසක් ගැටෙයි – නාවික සෙබළෙක් ඇතුළු 02 ක් මරුට.
දෙපිරිසක් අතර ඊයේ (14) රාත‍්‍රියේ ඇති වූ ගැටුමකින් නාවික හමුදා සෙබළෙකු ඇතුලු දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ හම්බන්තොට සූරියවැව මීගහජදුර ප‍්‍රදේශයේ තැපැල් කාර්යාලය අසළ දී මෙම ගැටුම හටගෙන ඇති බවයි. කිසියම් පිරිසක් යතුරුපැදිවලින් පැමිණ තැපැල් කාර්යාලය ඉදිරිපිට රැඳී සිට තිබෙනවා.
එම අවස්ථාවේ දී අදාළ ස්ථානයෙන් ත‍්‍රීරෝද රථයකින් ගමන් කළ පිරිසක් සමග ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුව මෙම ගැටුම හටගෙන තිබෙනවා.
එහි දී යතුරුපැදිවලින් පැමිණ සිටි පුද්ගලයෙකු ත‍්‍රීරෝද රථයේ සිටි අයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණ වුණේ.
එම අවස්ථාවේදීම කොතලාවල ආරක්ෂක පීඨයේ නාවික සෙබළුන් රැගත් කැබ් රථයක් ඒ අසළින් ගමන් කර තිබෙනවා. සිද්ධිය දුටු නාවික සෙබළුන් ඒ පිළිබඳ සොයා බැලීමට උත්සහ කළ අවස්ථාවේ දී ත‍්‍රීරෝද රථයේ සිටි අයෙකු නාවික සෙබලෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක‍්‍රියාත්මකයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment