Saturday, October 15, 2016
ඇඟක් හදාගන්න අත්‍යවශ්‍යම කාරනා 6ක් තියනවා. ඇඟ හදාගන්න හීන දකින කොල්ලෝ අනිවා දැනුවත්වෙන්න
ඇඟ හැදෙන්න යකඩ විතරක් කෑවට මදි.පෝෂණය තියෙන්නත් ඕන. නැත්නම් සමහර අය දැකලා ඇති කොච්චර ජිම් ගියත් කෙට්ටු උන් ඉන්නවා. ඒ වගේම සමහර අය කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ.සමහර අය ප්‍රෙස් එකට 70-80 ගහනවා .එත් පපුව ලෑල්ල වගේ.
අපි ජිම් එකෙදී මහන්සි වෙන තරමට අපිට හරියට පෝශනය ඔනේ වෙනවා.ඒ ගැන තමයි මන් දැන් විස්තර කරන්න යන්නේ.හැබයි කොටස් වශයෙන් තමයි දාන්න වෙන්නේ
ඇඟක් හැදෙන්න කාරනා කීපයක් තියනවා.
01.හොඳ ජිම් එකක්.
02.නියමිත පරිදි ව්‍යායාම හා විවේකය.
03.නියමිත පරිදි ආහාර ගැනීම.
04.නියමිත පරිදි සප්ලිමන්ට් බාවිතය.
05.ජාන.
06.අන්තිමට උනන්දුව සහ කැපවීම.
★.01.හොඳ ජිම් එකක්.
අපි දන්නවා ඕනම ජිම් එකකට ගියොත් අපිට මුලින්ම එන්න කියලා සල්ලි අරන් මෙම්බර් කාර්ඩ් එකක් දෙන එක තමයි කරන්නේ .
මුලින්ම ජිම් එකකට යන්න කලින් ජිම් එක ගැන හොයලා බලන්න.ඒකේ ඉන්න අය කොහොමද කියලා.සමාන්යෙන් හොඳ ජිම් එකක ගාන වැඩියි .
ජිම් එකක්ගැන හොයද්දී මුලින්ම ඒ ජිම් එකට යාලුවෝ යනවනම් අහලා බලන්න ඒ ජිම් එකට ගිහින් ප්‍රතිපලයක් තියනවද කියලා .
තව බලන්න එතන ඉන්න අයගෙ හැසිරීම කොහොමද කියලා.මීහරක් එක්ක සෙල්ලම් කරන්න බෑනේ.අනික තමන්ට යන්න එන්න පහසුකම්
ඒ වගේම කීය වෙනකම් ජිම් එක ඇරලා තියනවද කියලත් බලන්න.මේ ඔක්කොම හොඳයි නම් ජිම් එක අවුලක් නෑ .
★.02.නියමිත පරිදි ව්‍යායාම හා විවේකය
.ජිම් එකකට ගියහම අපි දන්නවා එතනින් අපිට ශෙඩුල් එකක් දෙනවා.හුගක් වෙලාවට කරන්නේ අපේ අතපය මැනලා චාර්ට් එකක් දෙන එකයි.
ඊට පස්සෙ ජිම් එකේ ඉන්න මාස්ටර් අපිට කියලා දෙනවා ප්‍රෙස් එකට මෙහෙමයි බැක් එකට මෙහෙමයි කියලා.දන්නේ නැති දේවල් මාස්ටර් ගෙන් අහගන්න පුලුවන්.
මුලින් මුලින් සෙල්ලම් කරද්දි හිතන්න පුලුවන් .මේ බර මදි තව බර දාන්න පුලුවන්.අනිත් අය බර දානවානම් මට බැරි ඇයි කියලා.
මුලින්ම අඩු බරක් දාල බැලන්ස් හදාගන්න .ඊට පස්සේ පුලුවන් බර වැඩි කරගන්න .කවදාක්වත් බර ඉක්මනට වැඩිකරන්න එපා.එහෙම කරලා
කොන්ද කඩාගත්තට පස්සෙ බැන්දම එහා ගෙදර එකාට තමයි වාසිය .හුගක් වෙලාවට බේසික් චාර්ට් එක එක දවසකට දෙන්නේ.සමහර ජිම් වල දවස් දෙකට දෙනවා.ඒක අවුලක් නෑ.
කට්ටිය බොඩිබිල්ඩින් කරනවානම් අඩුම තරමේ පැය 8 ක් වත් දවසකට නිදාගන්න ඔනේ .අනික සෙල්ලම් කලාට පස්සෙ අඩුම පැය බාගයක්වත් ඉන්න .
ඇඟ හදාගන්න කියලා හැමදාම සෙල්ලම් කරන්නත් හොඳ නෑ .දවසක් සෙල්ලම් කලොත් අනිත් දව්ස රෙස්ට් කරන්න .දව්ස් දෙකක් සෙල්ලම් කරනවනම් 2 වෙනි දවස රෙස්ට් කරන්න .
ලොකුම දේ ඒ වගේම මතකම තියාගන්න ඕන දේ තමයි මාසෙන් දෙකෙන් ඇගවල් හදන්නත් අඩු කරන්නත් බෑ.
★.03.නියමිත පරිදි ආහාර ගැනීම .
කට්ටිය කියනවා ජිම් එකට යනවනම් හොදට කන්න ඔනේ.එතකොට තමයිඇඟ හැදෙන්නේ කියලා.ඒක වැරදියි කියන්නත් බෑ හරි කියලා කියන්නත් බෑ .
කෑම කන විදිහ එතකොට කෑම හදන විදිහ ඔක්කොම මන් ඉස්සරහට කියලා දෙන්නම් .
★.04.නියමිත පරිදි සප්ලිමන්ට් බාවිතය
පිටි ගැනනම් කියන්න දේ ගොඩාක් දේවල් තියනවා.කවදාක්වත් ජිම් වල විකුනන්න තියන පිටි ගන්න නම් එපා.එවා කලවම් කරලා තියෙන්නේ.
අපරදේ උබලගෙ සල්ලි .අනික පිටි ගන්න යනවා නම් පිටි බෝතල් වල තියන බාර්කෝඩ් එක පෝන් එකෙන් ස්කෑන් කරලා බලන්න.
මොකද ලන්කාවට එන පිටි ජාති එතකොට අඩුවට තියන පිටි ජාති ඔක්කොම ඉන්දියාවෙන් කලවම් කරලා ලේබල් ගහලා එවන්නේ .
ඇඟ බහින්න වගේම ඇඟ හැදෙන්නත් පිටි ජාති තියනවා.ඒ වගෙම අමාරුවෙන් හදපු ඇඟ තියා ගන්නත් පිටි ජාති තියනවා.
ඒක ගැනත් මන් ඉස්සරහට කියලා දෙන්නම්.
★.05.ජාන
මන් මේ කියන්න යන්නේ අපේඇගේ තියන ජාන ගැන.ඔය ජාන වලින් තමයි අපි ඉපදුන දවසෙ ඉදලා හැම දේම තීරනය වෙන්නෙ.ඉගෙන ගන්න එක.
උස මහත මොන්ගල් ගතිය හැමදේම.අපි දැන් බලමු ඒක බොඩිබිල්ඩින් වලට සම්බන්ද වෙන්නේ කොහොම්ද කියලා .සමහර අය දැකලා ඇති
ජීවිතෙට ජිම් එකකට නොගිහින් ඇගවල් තියන අය.ඒ කියන්නෙ ඇදුමක් ඇන්දම සුපිරියට ඉන්න ඩයල් එහෙම.සමහර අය ඉන්නවා කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති aය
ඒ සේරම වෙන්නෙ ජාන වලින් .හැබයි මොන ජානේ තිබ්බත් ඇගවල් හදන්න පුලුවන් උනන්දුව තියනවනනම් .
★.06.අන්තිමට උනන්දුව සහ කැපවීම
මේක නැතනම් මන් කලින් කියපු ඒවගෙන් කිසිම වැඩක් නෑ.අපි ජිම් යන්නේ එක්කෝ ඇග හදන්න,නැත්නම් ඇග අඩුකරගන්න.
කවදාක්වත් මාසෙන් දෙකෙන් ඇගවල් වෙනස් කරන්න බෑ.කරුනාකරලා හදිස්සි වෙන්න එපා.අපිට ඔයඇඟ පෙන්නන පිල් හීත්, එතකොට
ලාසරස් , කායි ග්‍රීන් වගේ අය අඩුම අවුරුදු 15-20 ට වැඩියෙන් සෙල්ලම් කරලා තියනවා.අනික ඒ රටවල් වල කෑම ජාති ,පිටි ජාති ගනන් අඩුයි.
ඒක අපේ ලන්කාවේ නෑ.අපි ඉස්සර ඉදලම ගොවි තැන් කරන නිසා ශක්තිය ගන්න තමයි බත් කන්නේ.ඒ පුරුද්දට තමයි අපි තාම බත් කන්නේ.
ඒ නිසා තමයි ලන්කාවෙ අපිට ඇගවල් හදන්න අමාරු.පිටි ජාති කාලම .
කැපවීම නම් උපරිම තියෙන්න ඔනේ.ඊයේ ජිම් ගියා හෙට යනවා කියලා හිතන්න එපා.එතකොට හෙට හිතෙන්නෙත් ඒකමයි.අද වැස්ස .මට හෙම්බිරිස්සාව
කියලා මගාරින්න ලෑස්තිවෙන්න එපා .තමන්ගෙ උනන්දුවයි කැපවීමයි තියනවා නම්.කාටවත් අපිව පරද්දන්න බෑ.ඒ වගේම ජිම් එකේ එක යාලුවෙක් විතරක් හදාගන්න
හැමොම එක්ක කතාවට ගියහම ඒ අය එනවා අපිට උගන්නන්න.ඒකම තමයි ඉවසන්නම බැරි වැඩේ .
Tuesday, September 20, 2016
මෙ ආහාර වර්ග ඔබත් ගන්නවානම් මහත් වෙන එක අහාන්න දෙයක් නෙවෙයි.
අධික ලෙස ශරීරය තරබාරු වීම ලෝක ජනතාවම මුහුණ පා සිටින පොදු ගැටළුවක් බවට පත්ව තිඛෙනවා. තරබාරුකම හේතුවෙන් නොයෙකුත් බරපතල රෝගී තත්වයන් ඇති වෙන නිසාවෙන්ම තමයි ඔබ දැනගෙන සිටිය යුතු වෙන්නේ ශරීරය මහත් කරනු ලබන එම ආහාරයන් මොනවාද කියා. මෙහිදී ඔබට දැනගැනීමට හැකියාව තිඛෙනවා එවැනි ආහාරයන් 5ක් පිලිබදව? ඇසටයඑ කදිි ල ඇසටයඑ කදිි ැංැරජසිැි
1. කෘතීම රසකාරක
(regular soda) වලට වඩා (diet soda) වල අඩු වශයෙන් කැලරි සහ සීනි අන්තර්ගත වීම හේතුවෙන් ඒවා සෞඛ්‍යය සම්පන්නයි කිව නොහැකියි. මොකද කරනලද පර්යේෂණයන් මගින් සනාත වී තිඛෙනවා (diet soda) 2කට හෝ ඊට වැඩියෙන් පානය කරන පුද්ගලයින්ගේ ඉග ප්‍රදේශය ාසැඑ ිදා් පානය නොකරන වුන්ගේ ඉග ප්‍රදේශයට වඩා කිහිප ගුනයකින්ම විශාල බව. මොකද එම පානයන් වල ශරීරය තරබාරු කරන කෘතීම රසකාරකයන් බහුලවම පවතිනවා. එම නිසා කෘතීම රසකාරකයන් පවතින ආහාරයන් සහ පානයන්ගෙන් වැලකී සිටින්න. එම ආහාරයන් වල ලේබලයන් පරික්ෂා කිරීමේදී ඔබට එය දැනගැනීමට හැකියාව තිඛෙනවා. ඇසටයඑ කදිි එර්සබැර
2. සුදු සීනි
සුදු සීනි වල කැලරි බහුලවම පවතින නිසා එය හිතකර ආහාරයක් වෙන්නේ නැහැ. නමුත් සීනි වලට ඇබ්බැහි වුනු මිනිසුන්ගෙන් මේ ලෝකය පිරී පවතිනවා. රුධිරයේ වැඩි සීනි මට්ටමක් පවතින විට යම් ප්‍රාණවත් බවක් ඔබගෙන් දිස් වුනත් , රුධිරයේ සීනි මට්ටම පහත මට්ටමක පවතින විට ඔබේ ශරීරය ඉතාමත් වෙහෙසට පත් වූ එකක් බවට පත් වෙන අතර තව තවත් සීනි පරිභෝජනය කිරීම සදහා වැඩි ආසාවක් ඔබේ සිත තුල හට ගන්නවා. එහෙත් සීනි වල ඛනිජ ලවන සහ විටමින් කිසිවක් අන්තර්ගත වෙන්නේ නැහැ එහි පවතින්නේ ශරීරය තරබාරු කරන කැලරීස් පමණයි.
3. අර්තාපල්
මිනිසුන්ගේ ශරීර තරබාරු කිරීම සදහා වැඩි වශයෙන්ම වගකිවයුතු ආහාරයක් වශයෙන් අර්තාපල් හදුන්වන්න පුළුවන්. කරන ලද පර්යේෂණයන් හීදී අනාවරණය වී තිඛෙනවා එම ලැයිස්තුවේ ඉහලින්ම සිටින්නේ අර්තාපල් බව. තවද එම පර්යේෂණයන් වලදී සනාත වී තිඛෙනවා සියලුම අර්තාපල් වර්ගයන් ශරීරය තරබාරු කරන ස්වභාවයෙන් යුතු බව. ඉැකකහ ේඑ දෙදාි
4. චීස්
චීස් වල ඉතාමත් බහුල වශයෙන් අන්තර්ගත වෙන මේදය ජීරණය කිරීමද ඉතාමත් අපහසු කාර්යයක් වෙනවා. ජීරණය මන්දගාමී වීම නිසා ශරීරයේ බර වැඩිවීමක් සිදු වෙන බව හොදින් මතක තබා ගන්න. මේදය ග්රෑම් එකක කැලරීස් 9ක් පමණ අඩංගු වෙන අතර කාබෝහයිඩ්රේට් සහ ප්‍රෝටීන් අඩංගු වෙන්නේ 4ක් පමණයි. බදින ලද චීස් ශරීරය මහත් කරන ආහාරයන් අතර පෙරමුණේම පසු වෙන බවද හොදින් මතක තබා ගන්න.
5. ඇල්කොහොල්
ශරීරයේ ඇති මේදය දහනය වීම ඇල්කොහොල් මගින් අවහිර කරනු ලබන අතර මේදය ශරීරය තුල රදාපවත්වා ගැනීමට සහ මාංශ පේශීන් බිදහෙලීමට ක්‍රියාකරන (කෝටිසෝල්) හෝමනය වැඩි වශයෙන් නිදහස් කිරීමක් ඇල්කොහොල් මගින් සිදු කරනවා. මාංශ පේශීන් වලට සිදු වෙන හානිය නිසාවෙන් පරිවුර්තීය ක්‍රියාවලිය මන්දගාමී වීමක් සිදු වෙන අතර එය හේතුකොට ගෙන ශරීරය මහත් වීම පහසුවෙන්ම සිදු වෙනවා. තවද මේදය දහනය කිරීම සදහා ක්‍රියා කරන පිරිමි හෝමනයක් වන ටෙස්ටෙස්ටරෝන් නිෂ්පාදනය පහත හෙලීමක් අලෝකොහෝල් පානය මගින් සිදු වෙන බවද හොදින් මතකයේ තබා ගන්න.
ජීවිතයට අවධානම් තත්වයක් ඇති කරන තරබාරුකම පාලනය කරගැනීමට සහ තරබාරු කම ඇතිවීම වලක්වා ගැනීමට මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වෙනු ඇතැයි කියා සිතනවා.
ඹබ මස් අනුභව නොකල යුත්තේ ඇයි ? විද්‍යාත්මක හේතුන් දැනගන්න
බොහෝ අය නිර්මාංශවාදය ඉතා ඉක්මණින්ම සම්බන්ධ කරනුයේ භික්ෂූන් හෝ භික්ෂූණීන් සමගය. නමුත් ඇත්ත වශයෙන්ම අද බොහෝ පුද්ගලයින් විද්‍යාත්මක හේතුන් නිසා නිර්මාංශ වීම තෝරාගනී. ඒ නිසා මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ නිර්මාංශ ආහාර ගන්නවුන් විය යුතු වීමට අදාළ විද්‍යාත්මක හේතු සම්බන්ධවය.
අපේ මුතුන්මිත්තන් ස්වභාවයෙන්ම නිර්මාංශ ආහාර ගත්තවුන්ය. මනුෂ්‍ය පරිණාමය හැදෑරීමේදී මේ බව ඔප්පු කිරීමට සාධක ඇත. එසේම ජීව විද්‍යාව පිළිබද පාඩම් පොත්වලින්ද මේ බව උගන්වනු ලැබේ. එම නිසා නිරවද්‍යතාව සදහා විශේෂ පැහැදිලි කිරීමක් අනවශ්‍යය. මිනිස් සිරුර මස් අනුභව කිරීම සදහා සුදුසු නැත.
ඇමරිකා එක්සත් ජනපදයේ කොලොම්බියා සරසවියේ ආචාර්ය ජී. එස්. හන්ට්න්ගන් විසින් කාය ව්‍යවච්ඡේද විද්‍යාව පිළිබද ලියා ඇති ලිපියකින් මනුෂ්‍යයන් නිර්මාංශ විය යුත්තේ ඇයි ද යන්න ඔප්පු කර පෙන්වා ඇත. එමනේම එම ලිපිය අනුව මාංශ අනුභවය මනුෂ්‍යයින් සදහා සුදුසු වන්නේද නැත. ඔහු පෙන්නා දෙන පරිදි, මස් අනුභව කරන සත්තවයින්ට (ව්‍යාඝ්‍රයින් වැනි) කුඩා බඩවැල් මහ බඩවැල් යන දෙවර්ගය ම පිහිටා ඇත. ඔවුන්ගේ මහ බඩවැල් සෘජුවම පිහිටා ඇති අතර ඒවා මෘදු ගතියෙන් යුක්තය. ඊට පටහැනිව, ශාකවලින් යැපෙන සතුන්ට මෙම දෙවර්යටම එනම් කුඩා බඩවැල් සහ මහ බඩවැල් ද ඇති නමුත් ඒවා දියගය. මස්වල ඇති කෙදි පුමාණය අඩු නිසාත් ප්‍රෝටීන් බහුල නිසාත් පෝෂණ ගුණය උරා ගැනීමට දිගු කාලයක් අවශ්‍ය වන්නේ නැත. ඒ නිසා මස් අනුභව කරන සතුන්ගේ බඩවැල් ශාක අනුභව කරන සතුන්ගේ බඩවැල් වලට වඩා කෙටිය.
මනුෂ්‍යයින්ගේ කුඩා සහ මහ බඩවැල් යන දෙකම ඉතා සමීප වශයෙන් ගතහොත් මීටර් එකහමාරක් පමණ දිගය. එය කිහිප වාරයක්ම එකට එතී ඇති නිසා ඒවායේ මෘදු නොවු බිත්ති එකට යාවී ඇත. මාංශ භක්ෂකයින්ගේ බඩවැල්වලට වඩා ඒවා දිගින් වැඩි නිසා අප ආහාරයට ගන්නා මස් දිගු වේලාවක් බඩවැල්වල රැදී පවතී. ඒ හේතුව නිසා මස් නරක් වී විෂබීජ උපදවන්නේය. මෙය අක්මාවට කරදර වැඩි කිරීමකි. එනම් අක්මාව විසින් කරනු ලබන්නේ විෂබීජ ඉවත් කිරීම නිසා, ඊට කිරීමට ඇති කාර්යය මේ නිසා වැඩි වන්නේය. එමෙන්ම මංශවල යුරෝකිනේස් (Urokinase) ප්‍රෝටීන් සහ යූරියා බහුලව ඇති නිසා වකුගඩුවල කාර්යයද දුෂ්කර වේ. සෑම මස් රාත්තලකම මූත්‍රාකරන (Urokinase) ප්‍රෝටීන් ග්‍රෑම් 14ක් අඩංගුය. යුරෝකිනේස් ප්‍රෝටීන් දියරය ජීව ශෛල තුළ බහාලූ විට එම ශෛලවල ක්‍රමවත්ව ක්‍රියාකාරීත්වය අඩුවේ. එපමණක් නොව, මස්වල කෙදි ගතිය හා සිලියලෝස් අඩු නිසා, මළබද්ධය පහසුවෙන් ම ඇතිවේ. ගුද මාර්ගයේ පිළිකා සහ අර්ශස් වැනි රෝගවලට හේතුව මළබද්ධය බව අපි දනිමු. වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුෂ්කර වීම නිසා වකුගඩු විනාශ විමට පුළුවන අක්මාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වීමෙන් සිරෝසිස් (අක්මා රෝගයකි) රෝගය පමණක් නොව අක්මාවේ පිළිකාද ඇති කරයි.
ඌරන් පිළිබද වැඩිදුරටත් කරන ලද පර්යේෂණයට අනුව පෙනී යනුයේ මේද අධික ආහාර ගැනීම නිසා අක්මාව පිලාව යන ඉන්ද්‍රියන් විශාල වන බව සහ සම අභ්‍යන්තරයේ ඇති ශෛල මහත්වීම සිදුවන බවයි. මස්වල ඇති කොලෙස්ටරෝල් සහ සන්තෘප්ත මේද හෘද ස්පන්ධනය අක්‍රමවත් කරයි. තායිවානයේ ෆෝමෝසාවල මරණයවලට මුල් වී ඇති හේතු දහයෙන් එකක් වේ.
පිළිස්සීමෙන් හා බැදීමෙන් මස්වල රාසයන ද්‍රව්‍යයක් (Methylcholanthrenel) සෑදෙන අතර එය බලවත් පිළිකා රෝග කාරකයක් බව පර්යේෂණවලදී සොයාගෙන ඇත. මෙම රසායන ද්‍රව්‍යය මීයන්ට එන්නත් කළ විට උන් නොයෙකුත් පිළිකා වර්ගවලට එනම් ඇට තඩිස්සි වීම, ලේ පිළිකා, ආමාශ පිළිකා ආදියට ගොදුරු වී ඇත.
අප දිනපතා ආහාරයට ගන්නා මස් ලබා ගන්නා සුතුන් වෙත ආරම්භක අවස්ථාවේදී අක්‍රමිකතා තිබී ඇත්නම් අප ඒවා ආහාරයට ගත් විට ප්‍රතිඵලය අවබෝධ වේ. සමහර අය සිතන්නේ මස් පිරිසිදු සහ ආරක්ෂාකාරී බවයි. මස් මඩුවලදී ඒවා පරීෂා කරන බව ඔවුන් විශ්වාස කරයි. නමුත් ගවයන්, ඌරන්, කුකුළන් බොහෝ ගණනක් මස් සදහා දිනපතා මරණු ලබන නිසා සැබෑ වශයෙන් ම එතරම් විශාල සංඛ්‍යාවක් පරීක්ෂාවට භාජනය කිරීම අපහසුය. එම මස් පරීක්ෂකයින්ගේ වරදක් නොවේ. නමුත් වැඩ අධික වීම නිසා සිදුවන්නකි. එයට අමතරව එම සතුන්ගේ සෑම මස් කෑල්ලක්ම පරීක්ෂා කර එහි පිළිකා රෝගකාරක තිබේදැයි බැලීම ඉතාමත් අපහසු කාර්යයකි. හැම සතෙකුම පරීක්ෂා කළ ද සෑම මස් කෑල්ලක්ම පරීක්ෂා කරීම අසීරුය. එය කොතරම් ආමරු කාර්යයක් දැයි අපට සිතාගත හැකිය. දියුණු රටවල් වන යුරෝපය සහ ඇමරිකාවට පවා මෙය ගැටළුවක් වී ඇත. එය තවමත් කාර්යක්ෂම පාලනය කළ නොහැකි තත්වයකි. වර්තමානයේදී යම් ගැටලු සහගත තත්වයක් සතෙකුට ඇති වු විට මිනිසුන් කරනුයේ හිස වෙන් කිරීමය. එසේ නැතහොත් පයේ කිසියම් රෝගයක් තිබුණේ නම් පය කපා ඉවත් කිරීමය. නරක කොටස් පමණක් ඉවත් කොට ඉතිරිය විකුණනු ලැබේ. සමහර රටවල සනීපාරක්ෂක බලධාරීන් විසින් විකිණීම පිණිස ඇති කරන ඌරන්, හරකුන්, කුකුලන් හා තාරාවුන් පරීක්ෂා කරන්නේ අවම වශයෙනි.
සත්ත්වයින්ට දෙනු ලබන ආහාර ගැන කතා කරන විට සතුන්ගේ ආහාරයට පුතිජීවක (Antibiotics) එකතු කරනු ලබන අතර එම සතුන්ගේ මස් ආහාරයට ගන්නා මිනිසුන් විසින්ද එම ප්‍රතිජීවක උරා ගැනීම නිසා මිනිසුන් තුළ ඇති ප්‍රතිශක්තීකරණය දුර්වල වේ. ඒ අනුව මෙම පුද්ගලයන්ට යමු රෝගයක් වැළදුණු විට තවදුරටත් ප්‍රතිජීවකවලින් ඔවුන්ට පිහිටක් නොලැබෙන නිසා තවත් අගනා ජීවිතයක විනාශය සිදුවේ. මාංශ අනුභව කිරීමේ පුරුද්ද එයට හේතුවයි.
නිර්මාංශ ආහාර ඉතාමත් හොදයැයි සලකන සමහර අය, එහි ප්‍රමාණවත් පෝෂණ ගුණයක් නැතැයි සිතයි. එය වැරදි අවබෝධයකි. වෛද්‍යවරුන් කරන ලද පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ මංශ භෝග වැඩි වශයෙන් ආහාරයට ගැනීම සුදුසු බවයි. මුදවන ලද කිරි, කඩල, සෝයා ඉතා පෝෂ්‍යදායී වේ. ධාන්‍ය ආහර සහ එළවළුවලින් අපේ ශරීරය පවත්වා ගැනීම සදහා අවශ්‍ය සියලුම පෝෂක කොටස් ලබා ගත හැකිය.
මස්වල ඇති ප්‍රෝටීන්, ශාකවල ප්‍රෝටීන්වලට වඩා උසස් බවත් පළමු වැන්නෙහි සම්පූර්ණ ප්‍රෝටීන් අඩංගු අතර දෙවැන්නෙහි ඒවා අසම්පූර්ණ බවත් බොහෝ දෙනා අදහස් කරති. එහෙත් සොයා, කඩලවල ඇත්තේ සම්පූර්ණ ප්‍රෝටීන් බව හදුනාගැනීමට ඔවුන් අසමත් වී ඇත. මාංශ අනුභව කරන මිනිසුන් සම්පූර්ණ ප්‍රෝටීන් ලබා ගත හැකි වුවත් පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ මාංශ ප්‍රෝටීන් ආහාරයට දෙනු ලැබූ සත්වයින් ආරම්භයේදී ශක්තිමත් සහ නිරෝගී සම්පන්න වුවත්, ඔවුන් අඩු ආයුෂික ය යන බවත් විශේෂත්වයකින් තොරව ඔවුන් සියල්ලන්ටම රුධිර පීඩන රෝගයන් හා වකුගඩු ආබාධ ඇති බවත්ය. එයට හේතු වී ඇත්තේ ජීවධාතු විටමින් සහ ඛණිජ ලබණවලට වඩා ප්‍රෝටීන් වෙනස් නිසාය. එය අපේ ශරීරය තුළ විශාල වශයෙන් ගබඩා කර ගැනීමට නොහැකිය. එය බහිශ්‍රාවය කළ යුතුවේ. එම නිසා අක්මාවට සහ වකුගඩු වලට අමතර අපහසුතාවයක් දැරීමට සිදුවන්නේය.
ලිඛිත ඉතිහාසයේ ආරම්භයේ සිට මනුෂ්‍ය වර්ගයාගේ ආහාරය වී ඇත්තේ ශාකයන්ය. පාරණි ග්‍රීක හා හීබෘ පුරාවෘත්තයන්වල විස්තර වී ඇති ආකාරය අනුව මුල් අවදියේදී මිනිසුන් ආහාරයට ගෙන ඇත්තේ පලතුරු වර්ගයන්ය. පැරණි ඊජීප්තු පැවිද්දන් කිසිදාක මස් අනුභවකර නැත. ප්ලේටෝ, දිගෝගිනිස්, සොක්‍රටීස් වැනි බොහෝ උසස් ග්‍රීක දාර්ශනිකයන් නිර්මාංශවාදයට පක්ෂ ව නිතරම කථා කර ඇත. ශාක්‍ය මුණි බුදුන් අහිංසාවේ (ජීවීන්ට හිංසා නොකළ යුතුය) වැදගත්කම අවධාරණය කළහ. එසේම මංශ අනුභව නොකරන ලෙස අනුගාමිකයින්ට අවවාද කළ අතර, එසේ කිරීම නිසා අනෙකුත් ජීව සත්වයින් ඔවුන් කෙරෙහි බිය වෙතැයිද පැවුසූහ. දයාව පිළිබදව අපේ ප්‍රාර්ථනය ඉෂ්ඨ කර ගැනීම සදහා මනුෂ්‍යයින් වන අප මාංශ අනුභවය නැවැත්විය යුතුය. ඒ අනුව නිර්මාංශ වූ බෞද්ධයින් බොහෝ දෙදෙනෙකු අදත් සිටී. බොහෝ තාඹ් වාදීන් ද පැරණි ක්‍රිස්තියනි සහ ජුදාස්වරුන්ද නිර්මාංශිකයන් විය.
ඩයනා කුමරිය, චාල්ස් කුමරුන්, පෝල් නිව්මන්, අයින්ස්ටයින්, ප්ලේටෝ, පයිතගරස්, සොක්‍රටීස්, ශේක්ෂ්පියර්, ඩේවිඩ්, පෙට්‍රාව්, ඩාවින්චි, එමර්සන්, සෝලා, රස්ල් ෂෙලී නම් කවියා, නොබෙල් ත්‍යාග ලාභී තාගෝර්, රුසියානු ලේඛක ටොල්ස්ටෝයි, ජයනප්‍රිය අයිරිෂ් නාට්‍යකරු බර්නාඩ් ෂෝ, ඉන්දියානු නායකයකු වන ගාන්ධි සහ අල්සෙශියන්, වෙවද්‍ය දූත මෙහෙයේ සහ අප්‍රිකාවේ දේව ධර්ම වරයකු වන ෂවීට්සර් ආදීන් ඔවුන්ගෙන් කිහිප දෙනෙකි.
අයිස්ටයින් වැඩිදුරටත් මෙසේද පවසා ඇත. ‘‘මනුෂ්‍යාගේ චරිත ස්වභාවය වෙනස් කිරීම සහ පවිත්‍ර භාවයට පත් කිරීම සදහා නිර්මාංශ ආහාරයකින් ලැබෙන ප්‍රයෝජනය මුළු මිනිස් වර්ගයා වෙතම හිතකර වූ ක්‍රියාවක් යැයි මා සිතමි. එබැවින් නිර්මාංශවාදය මිනිසුන් තෝරා ගැනීම ඉතාම සුභ දායක මෙන්ම සාමකාමීද වේ. ‘‘එබැවින් නිර්මාංශ විය යුතුය.‘‘ යන්න අපට පෙනී යයි. ඉතිහාසය පුරාම බොහෝ වැදගත් පුද්ගලයින් සහ මුනිවරයන් ප්‍රඥාවන්තයින් විසින් දෙන ලද සාධාරණ සහ සාමන්‍ය උපදේශය එයයි.
ඉහත අප සාකච්ඡාවට බදුන් කළ කරුණු අනුව නිර්මාංශ වීම යහපත් ජීවිතයකට කය, මනස නිරවුල්ව තබා ගැනීමට ඉවහල් වන බව සනාථ වෙයි. යෝග දර්ශනය ඔස්සේ මෝක්ෂය සොයා ගමන් කරන අයටද නිර්මාංශ වීම අත්‍යවශ්‍ය දෙයකි. එය දෙවියන්ට ප්‍රිය බව වර්ධනය කරයි. සාමකාමී යහපත් ජීවිතයකට ඉවහල් වේ. දීර්ඝායුෂ ඇති කරයි. ශරීරය නිරෝගී කරයි. චාම් සරල දිවි පෙවෙතකට යොමු කරවයි. අප නිර්මාංශ වීමට අධිෂ්ඨාන කර ගනිමු.
අපේ මුතුන්මිත්තන් ස්වභාවයෙන්ම නිර්මාංශ ආහාර ගත්තවුන්ය. මනුෂ්‍ය පරිණාමය හැදෑරීමේදී මේ බව ඔප්පු කිරීමට සාධක ඇත. එසේම ජීව විද්‍යාව පිළිබද පාඩම් පොත්වලින්ද මේ බව උගන්වනු ලැබේ. එම නිසා නිරවද්‍යතාව සදහා විශේෂ පැහැදිලි කිරීමක් අනවශ්‍යය. මිනිස් සිරුර මස් අනුභව කිරීම සදහා සුදුසු නැත.
ඇමරිකා එක්සත් ජනපදයේ කොලොම්බියා සරසවියේ ආචාර්ය ජී. එස්. හන්ට්න්ගන් විසින් කාය ව්‍යවච්ඡේද විද්‍යාව පිළිබද ලියා ඇති ලිපියකින් මනුෂ්‍යයන් නිර්මාංශ විය යුත්තේ ඇයි ද යන්න ඔප්පු කර පෙන්වා ඇත. එමනේම එම ලිපිය අනුව මාංශ අනුභවය මනුෂ්‍යයින් සදහා සුදුසු වන්නේද නැත. ඔහු පෙන්නා දෙන පරිදි, මස් අනුභව කරන සත්තවයින්ට (ව්‍යාඝ්‍රයින් වැනි) කුඩා බඩවැල් මහ බඩවැල් යන දෙවර්ගය ම පිහිටා ඇත. ඔවුන්ගේ මහ බඩවැල් සෘජුවම පිහිටා ඇති අතර ඒවා මෘදු ගතියෙන් යුක්තය. ඊට පටහැනිව, ශාකවලින් යැපෙන සතුන්ට මෙම දෙවර්යටම එනම් කුඩා බඩවැල් සහ මහ බඩවැල් ද ඇති නමුත් ඒවා දියගය. මස්වල ඇති කෙදි පුමාණය අඩු නිසාත් ප්‍රෝටීන් බහුල නිසාත් පෝෂණ ගුණය උරා ගැනීමට දිගු කාලයක් අවශ්‍ය වන්නේ නැත. ඒ නිසා මස් අනුභව කරන සතුන්ගේ බඩවැල් ශාක අනුභව කරන සතුන්ගේ බඩවැල් වලට වඩා කෙටිය.
මනුෂ්‍යයින්ගේ කුඩා සහ මහ බඩවැල් යන දෙකම ඉතා සමීප වශයෙන් ගතහොත් මීටර් එකහමාරක් පමණ දිගය. එය කිහිප වාරයක්ම එකට එතී ඇති නිසා ඒවායේ මෘදු නොවු බිත්ති එකට යාවී ඇත. මාංශ භක්ෂකයින්ගේ බඩවැල්වලට වඩා ඒවා දිගින් වැඩි නිසා අප ආහාරයට ගන්නා මස් දිගු වේලාවක් බඩවැල්වල රැදී පවතී. ඒ හේතුව නිසා මස් නරක් වී විෂබීජ උපදවන්නේය. මෙය අක්මාවට කරදර වැඩි කිරීමකි. එනම් අක්මාව විසින් කරනු ලබන්නේ විෂබීජ ඉවත් කිරීම නිසා, ඊට කිරීමට ඇති කාර්යය මේ නිසා වැඩි වන්නේය. එමෙන්ම මංශවල යුරෝකිනේස් (Urokinase) ප්‍රෝටීන් සහ යූරියා බහුලව ඇති නිසා වකුගඩුවල කාර්යයද දුෂ්කර වේ. සෑම මස් රාත්තලකම මූත්‍රාකරන (Urokinase) ප්‍රෝටීන් ග්‍රෑම් 14ක් අඩංගුය. යුරෝකිනේස් ප්‍රෝටීන් දියරය ජීව ශෛල තුළ බහාලූ විට එම ශෛලවල ක්‍රමවත්ව ක්‍රියාකාරීත්වය අඩුවේ. එපමණක් නොව, මස්වල කෙදි ගතිය හා සිලියලෝස් අඩු නිසා, මළබද්ධය පහසුවෙන් ම ඇතිවේ. ගුද මාර්ගයේ පිළිකා සහ අර්ශස් වැනි රෝගවලට හේතුව මළබද්ධය බව අපි දනිමු. වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුෂ්කර වීම නිසා වකුගඩු විනාශ විමට පුළුවන අක්මාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වීමෙන් සිරෝසිස් (අක්මා රෝගයකි) රෝගය පමණක් නොව අක්මාවේ පිළිකාද ඇති කරයි.
ඌරන් පිළිබද වැඩිදුරටත් කරන ලද පර්යේෂණයට අනුව පෙනී යනුයේ මේද අධික ආහාර ගැනීම නිසා අක්මාව පිලාව යන ඉන්ද්‍රියන් විශාල වන බව සහ සම අභ්‍යන්තරයේ ඇති ශෛල මහත්වීම සිදුවන බවයි. මස්වල ඇති කොලෙස්ටරෝල් සහ සන්තෘප්ත මේද හෘද ස්පන්ධනය අක්‍රමවත් කරයි. තායිවානයේ ෆෝමෝසාවල මරණයවලට මුල් වී ඇති හේතු දහයෙන් එකක් වේ.
පිළිස්සීමෙන් හා බැදීමෙන් මස්වල රාසයන ද්‍රව්‍යයක් (Methylcholanthrenel) සෑදෙන අතර එය බලවත් පිළිකා රෝග කාරකයක් බව පර්යේෂණවලදී සොයාගෙන ඇත. මෙම රසායන ද්‍රව්‍යය මීයන්ට එන්නත් කළ විට උන් නොයෙකුත් පිළිකා වර්ගවලට එනම් ඇට තඩිස්සි වීම, ලේ පිළිකා, ආමාශ පිළිකා ආදියට ගොදුරු වී ඇත.
අප දිනපතා ආහාරයට ගන්නා මස් ලබා ගන්නා සුතුන් වෙත ආරම්භක අවස්ථාවේදී අක්‍රමිකතා තිබී ඇත්නම් අප ඒවා ආහාරයට ගත් විට ප්‍රතිඵලය අවබෝධ වේ. සමහර අය සිතන්නේ මස් පිරිසිදු සහ ආරක්ෂාකාරී බවයි. මස් මඩුවලදී ඒවා පරීෂා කරන බව ඔවුන් විශ්වාස කරයි. නමුත් ගවයන්, ඌරන්, කුකුළන් බොහෝ ගණනක් මස් සදහා දිනපතා මරණු ලබන නිසා සැබෑ වශයෙන් ම එතරම් විශාල සංඛ්‍යාවක් පරීක්ෂාවට භාජනය කිරීම අපහසුය. එම මස් පරීක්ෂකයින්ගේ වරදක් නොවේ. නමුත් වැඩ අධික වීම නිසා සිදුවන්නකි. එයට අමතරව එම සතුන්ගේ සෑම මස් කෑල්ලක්ම පරීක්ෂා කර එහි පිළිකා රෝගකාරක තිබේදැයි බැලීම ඉතාමත් අපහසු කාර්යයකි. හැම සතෙකුම පරීක්ෂා කළ ද සෑම මස් කෑල්ලක්ම පරීක්ෂා කරීම අසීරුය. එය කොතරම් ආමරු කාර්යයක් දැයි අපට සිතාගත හැකිය. දියුණු රටවල් වන යුරෝපය සහ ඇමරිකාවට පවා මෙය ගැටළුවක් වී ඇත. එය තවමත් කාර්යක්ෂම පාලනය කළ නොහැකි තත්වයකි. වර්තමානයේදී යම් ගැටලු සහගත තත්වයක් සතෙකුට ඇති වු විට මිනිසුන් කරනුයේ හිස වෙන් කිරීමය. එසේ නැතහොත් පයේ කිසියම් රෝගයක් තිබුණේ නම් පය කපා ඉවත් කිරීමය. නරක කොටස් පමණක් ඉවත් කොට ඉතිරිය විකුණනු ලැබේ. සමහර රටවල සනීපාරක්ෂක බලධාරීන් විසින් විකිණීම පිණිස ඇති කරන ඌරන්, හරකුන්, කුකුලන් හා තාරාවුන් පරීක්ෂා කරන්නේ අවම වශයෙනි.
සත්ත්වයින්ට දෙනු ලබන ආහාර ගැන කතා කරන විට සතුන්ගේ ආහාරයට පුතිජීවක (Antibiotics) එකතු කරනු ලබන අතර එම සතුන්ගේ මස් ආහාරයට ගන්නා මිනිසුන් විසින්ද එම ප්‍රතිජීවක උරා ගැනීම නිසා මිනිසුන් තුළ ඇති ප්‍රතිශක්තීකරණය දුර්වල වේ. ඒ අනුව මෙම පුද්ගලයන්ට යමු රෝගයක් වැළදුණු විට තවදුරටත් ප්‍රතිජීවකවලින් ඔවුන්ට පිහිටක් නොලැබෙන නිසා තවත් අගනා ජීවිතයක විනාශය සිදුවේ. මාංශ අනුභව කිරීමේ පුරුද්ද එයට හේතුවයි.
නිර්මාංශ ආහාර ඉතාමත් හොදයැයි සලකන සමහර අය, එහි ප්‍රමාණවත් පෝෂණ ගුණයක් නැතැයි සිතයි. එය වැරදි අවබෝධයකි. වෛද්‍යවරුන් කරන ලද පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ මංශ භෝග වැඩි වශයෙන් ආහාරයට ගැනීම සුදුසු බවයි. මුදවන ලද කිරි, කඩල, සෝයා ඉතා පෝෂ්‍යදායී වේ. ධාන්‍ය ආහර සහ එළවළුවලින් අපේ ශරීරය පවත්වා ගැනීම සදහා අවශ්‍ය සියලුම පෝෂක කොටස් ලබා ගත හැකිය.
මස්වල ඇති ප්‍රෝටීන්, ශාකවල ප්‍රෝටීන්වලට වඩා උසස් බවත් පළමු වැන්නෙහි සම්පූර්ණ ප්‍රෝටීන් අඩංගු අතර දෙවැන්නෙහි ඒවා අසම්පූර්ණ බවත් බොහෝ දෙනා අදහස් කරති. එහෙත් සොයා, කඩලවල ඇත්තේ සම්පූර්ණ ප්‍රෝටීන් බව හදුනාගැනීමට ඔවුන් අසමත් වී ඇත. මාංශ අනුභව කරන මිනිසුන් සම්පූර්ණ ප්‍රෝටීන් ලබා ගත හැකි වුවත් පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ මාංශ ප්‍රෝටීන් ආහාරයට දෙනු ලැබූ සත්වයින් ආරම්භයේදී ශක්තිමත් සහ නිරෝගී සම්පන්න වුවත්, ඔවුන් අඩු ආයුෂික ය යන බවත් විශේෂත්වයකින් තොරව ඔවුන් සියල්ලන්ටම රුධිර පීඩන රෝගයන් හා වකුගඩු ආබාධ ඇති බවත්ය. එයට හේතු වී ඇත්තේ ජීවධාතු විටමින් සහ ඛණිජ ලබණවලට වඩා ප්‍රෝටීන් වෙනස් නිසාය. එය අපේ ශරීරය තුළ විශාල වශයෙන් ගබඩා කර ගැනීමට නොහැකිය. එය බහිශ්‍රාවය කළ යුතුවේ. එම නිසා අක්මාවට සහ වකුගඩු වලට අමතර අපහසුතාවයක් දැරීමට සිදුවන්නේය.
ලිඛිත ඉතිහාසයේ ආරම්භයේ සිට මනුෂ්‍ය වර්ගයාගේ ආහාරය වී ඇත්තේ ශාකයන්ය. පාරණි ග්‍රීක හා හීබෘ පුරාවෘත්තයන්වල විස්තර වී ඇති ආකාරය අනුව මුල් අවදියේදී මිනිසුන් ආහාරයට ගෙන ඇත්තේ පලතුරු වර්ගයන්ය. පැරණි ඊජීප්තු පැවිද්දන් කිසිදාක මස් අනුභවකර නැත. ප්ලේටෝ, දිගෝගිනිස්, සොක්‍රටීස් වැනි බොහෝ උසස් ග්‍රීක දාර්ශනිකයන් නිර්මාංශවාදයට පක්ෂ ව නිතරම කථා කර ඇත. ශාක්‍ය මුණි බුදුන් අහිංසාවේ (ජීවීන්ට හිංසා නොකළ යුතුය) වැදගත්කම අවධාරණය කළහ. එසේම මංශ අනුභව නොකරන ලෙස අනුගාමිකයින්ට අවවාද කළ අතර, එසේ කිරීම නිසා අනෙකුත් ජීව සත්වයින් ඔවුන් කෙරෙහි බිය වෙතැයිද පැවුසූහ. දයාව පිළිබදව අපේ ප්‍රාර්ථනය ඉෂ්ඨ කර ගැනීම සදහා මනුෂ්‍යයින් වන අප මාංශ අනුභවය නැවැත්විය යුතුය. ඒ අනුව නිර්මාංශ වූ බෞද්ධයින් බොහෝ දෙදෙනෙකු අදත් සිටී. බොහෝ තාඹ් වාදීන් ද පැරණි ක්‍රිස්තියනි සහ ජුදාස්වරුන්ද නිර්මාංශිකයන් විය.
ඩයනා කුමරිය, චාල්ස් කුමරුන්, පෝල් නිව්මන්, අයින්ස්ටයින්, ප්ලේටෝ, පයිතගරස්, සොක්‍රටීස්, ශේක්ෂ්පියර්, ඩේවිඩ්, පෙට්‍රාව්, ඩාවින්චි, එමර්සන්, සෝලා, රස්ල් ෂෙලී නම් කවියා, නොබෙල් ත්‍යාග ලාභී තාගෝර්, රුසියානු ලේඛක ටොල්ස්ටෝයි, ජයනප්‍රිය අයිරිෂ් නාට්‍යකරු බර්නාඩ් ෂෝ, ඉන්දියානු නායකයකු වන ගාන්ධි සහ අල්සෙශියන්, වෙවද්‍ය දූත මෙහෙයේ සහ අප්‍රිකාවේ දේව ධර්ම වරයකු වන ෂවීට්සර් ආදීන් ඔවුන්ගෙන් කිහිප දෙනෙකි.
අයිස්ටයින් වැඩිදුරටත් මෙසේද පවසා ඇත. ‘‘මනුෂ්‍යාගේ චරිත ස්වභාවය වෙනස් කිරීම සහ පවිත්‍ර භාවයට පත් කිරීම සදහා නිර්මාංශ ආහාරයකින් ලැබෙන ප්‍රයෝජනය මුළු මිනිස් වර්ගයා වෙතම හිතකර වූ ක්‍රියාවක් යැයි මා සිතමි. එබැවින් නිර්මාංශවාදය මිනිසුන් තෝරා ගැනීම ඉතාම සුභ දායක මෙන්ම සාමකාමීද වේ. ‘‘එබැවින් නිර්මාංශ විය යුතුය.‘‘ යන්න අපට පෙනී යයි. ඉතිහාසය පුරාම බොහෝ වැදගත් පුද්ගලයින් සහ මුනිවරයන් ප්‍රඥාවන්තයින් විසින් දෙන ලද සාධාරණ සහ සාමන්‍ය උපදේශය එයයි.
ඉහත අප සාකච්ඡාවට බදුන් කළ කරුණු අනුව නිර්මාංශ වීම යහපත් ජීවිතයකට කය, මනස නිරවුල්ව තබා ගැනීමට ඉවහල් වන බව සනාථ වෙයි. යෝග දර්ශනය ඔස්සේ මෝක්ෂය සොයා ගමන් කරන අයටද නිර්මාංශ වීම අත්‍යවශ්‍ය දෙයකි. එය දෙවියන්ට ප්‍රිය බව වර්ධනය කරයි. සාමකාමී යහපත් ජීවිතයකට ඉවහල් වේ. දීර්ඝායුෂ ඇති කරයි. ශරීරය නිරෝගී කරයි. චාම් සරල දිවි පෙවෙතකට යොමු කරවයි. අප නිර්මාංශ වීමට අධිෂ්ඨාන කර ගනිමු.
Monday, September 19, 2016
ආදරය ප්‍රකාශ කිරීමට බිය වන්න එපා හිතට දැනෙන පොඩි ආදර කතාවක් කියවලා බලන්න කවුරුත් අඩන්න නම් එපා.
මට පෙම්වතෙක් හිටියා,එයාගේ නම ජින්. අපි දෙන්නා පොඩි කාලේ ඉදලම එකටමයි හැදුනේ වැඩුනේ. පහුගිය වසර වෙනකන් අපි දෙන්නා හොද යාලුවෝ වගේ හිටියත් පාසලෙන් ගියපු විනෝද චාරිකාවක් අතර තුර අපි දෙන්නා පෙම්වතුන් බවට පත් වුනා.
සාමාන්‍ය විදියට නම් වෙන්නේ පිරිමි ළමයා ගෑණු ළමයට ආදරේ ප්‍රකාශ කිරීම වුනත් අපි දෙන්න ගෙන් මුලින්ම ආදරේ ප්‍රකාශ කලේ මම…විනෝද චාරිකාව අතරතුර මට තේරුනා මම ඔහුට ආදරය කරන බව,මම චාරිකාව නිම වෙන්නත් කලින් ඔහුට ඒ බව ප්‍රකාශ කලා,අපි පෙම්වතුන් වුනා.
අපි දෙන්නා පෙම්වතුන් වුනත් අපි දෙන්නා එකිනෙකාට ආදරේ කලේ වෙනස් විදියට..
මට හැම මොහොතම ඔහුත් සමග ගත කරන්න අවශ්‍ය වුනත් ඔහුට එහෙම උනේ නෑ. ඔහුට මිතුරියන් ගොඩක් හිටියා,මගේ ලෝකෙ එකම පිරිමියා ඔහු පමනක් වුනත් ඔහුගේ ලෝකයේ මම තවත් එක කෙල්ලෙක් විතරක්ද කියලා හිතුන වාර අනන්තයි.
“ජින් අපි අද ෆිල්ම් එකක් බලන්න යමුද” දවසක් මම ඇහුවා
“මට බෑ”
“ඇයි? පාඩම් කරන්න තියනවද?”
“නෑ යාලුවෙක් හම් බෙන්න යන්න තියනවා”
ඔහුගේ හැසිරීම් ඒ වගේ. ඔහු මගේ ඉදිරියෙදිම ඔහුගේ මිතුරියන්ව මුන ගැහෙනවා,ඔහුට මාව තවත් එක “ගෑණු යාලුවෙක්” පමනක් බවයි මට හිතුනේ.ආදරේ කියන වචනය පිට වුනේ මගේ කටින් විතරයි,මම දන්න කාලේ ඉදලම එකම එක වරක්වත් ඔහුගේ කටින් ආදරේ කියන වචනය පිට වෙලා නෑ. එයා කවදවත් “මම ඔයාට ආදරෙයි” කියලා නැති උනත් හැමදාම එක දෙයක් කලා,ඒ මට හැමදාම බෝනික්කෙක් දෙන එක,අපි හමුවෙලා සමුගන්න හැම වෙලාවෙම ඔහු මට බෝනික්කෙක් දුන්නා. කවද හරි අපිට හමු වෙන්නෙ බැරි උනොත් අපේ ගෙදර ලගට ඇවිල්ලා හරි ඒ බෝනික්කව මට දෙන්න ඔහු වග බලාගත්තා.
මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
එක දවසක්,
මම : “ම්ම්ම්ම්…ජින්…”
ජින් : “ඇයි? ඇද ඇද ඉන්නේ නැතිව කෙලින්ම කියන්නකෝ”
මම : “මම ඔයාට ආදරෙයි”
ජින් : “ම්ම්ම්….. මෙන්න මේ බෝනික්කව අරගෙන ගෙදර යන්න”
ඔහු එහෙමයි “ආදරේ” කියන වචනය නොසලකා හැරියේ,බෝනික්කව මට දෙන ඔහු ඊට පස්සේ ගොඩක් ඉක්මනින් මගෙන් ඈත් වෙලා යනවා,හරියට මගෙන් පැනලා දුවනවා වගේ.
මෙහෙම දවසින් දවස ගෙවිලා ගිහින් මගේ 18 වෙනි උපන් දිනෙත් ලැබුවා. උදේ අවදි වුන මම ඔහුත් එක්ක මගේ උපන් දිනය සැමරීමට නගරයේ අවන්හලකට යන ගමනක් ගැන සිහින මැව්වා. මගේ උපන් දිනයට සුභ පතා ඔහුගෙන් ඇමතුමක් ලැබෙන තුරු නොයිවසිල්ලෙන් බලා සිටියා. පැයෙන් පැය ගෙවී ගොස් රාත්‍රියත් උදා වුනා,ඒත් තවම ඔහුගෙන් ඇමතුමක් නෑ. අවසානයේ රාත්‍රී 9ට පමන ඔහුගේ ඇමතුම පැමිනියා,
“පොඩ්ඩක් එලියට එනවද” ඔහුගේ ඇමතුම එපමනයි.
කෙතරම් ප්‍රමාද වී හෝ ඔහු ඇමතුමක් ලබා දීම පිලිබද ප්‍රීතියෙන් මම ඔහු හමු වීමට නිවසින් එලියට පැමිනියා. ඔහු එලියට වී බලා සිටියා,
මම : “ජින්…”
ජින් : “ආ…මේන ගන්න…”
ඔහු මට තව බෝනික්කෙක් දුන්නා
මම : “මේ මොකද්ද?”
ජින් : “දවල් මේක දෙන්න බැරි උනානේ,ඒකයි මම මේක දෙන්න ආවේ,මම යනවා,බායි.”
මම : “යන්න එපා,ඔයා දන්නවද අද දවස මොකද්ද කියලා?”
ජින් : “අද? මොකද්ද?”
මට ගොඩක් දුක හිතුනා…මම හිතුවා ඔහුට මගේ උපන් දිනේ මතක ඇති කියලා,ආපසු හැරුනු ඔහු යන්න ගියා
මම : “ජින්…ජින්..ඉන්න”
ජින් : “ඇයි? මොනවා හරි කියන්න තියනවද?”
මම : “මට කියන්න ඔයා මට ආදරෙයි කියලා”
ජින් : “මොකක්?”
මම : “කියන්න……””
මම ඔහුට යන්න නොදී ඔහුගේ ඇගේ එල්ලුනා.නමුත් බොහෝම සරළ වචන කීපයක් කිව්ව ඔහු මගෙන් ඈත් වෙලා යන්න ගියා.
“මට කියන්න ඕනි නෑ, කාටවත් ආදරෙයි කියලා මම එච්චර ලේසියෙන් කියන්නේ නෑ,ඔයාට ඔච්චරටම ඒක අහන්න ඕනි නම් වෙන කෙනෙක්ව හොයා ගන්න”” ඔහු එහෙමයි කිව්වේ.
ඔහු කොහොමද එහෙම දෙයක් මට කිව්වේ කියලා මම ඇදට ඇවිත් කල්පනා කලා,ඔහු මට නොගැලපෙන බව මට මුලින්ම සිතුනේ එදා.මම සතියක් විතර පාසල් ගියේ නෑ.ඒ දවස් කීපයම මම ගත කලේ හඩමින්. ඔහු ඒ සතියේම මට ඇමතුමක්වත් දෙන්න උත්සාහ කලේ නෑ,ඒත් හැමදාම ඇවිත් බෝනික්කෙක් දීලා යන්න අමතක කලෙත් නෑ.
සතියකට පස්සේ මම පාසල් ගියා,ඒත් පාසලට ඇතුල් වෙන්නත් කලින් මම ඔහුව දුටුවා. ඔහු පාරේ තවත් කෙල්ලෙක් සමග කතා කරමින් ඉන්නවා,ඔහුගේ අතේ බෝනික්කෙකුත් සිටියා. ඔහුගේ මුහුනේ තිබුනේ කවදාවත් මට නොපෙන්නපු විදියේ ආදරණීය හිනාවක්.
මට තව දුරටත් ඒ දසුන බලන්න පුලුවන් කමක් තිබුනේ නෑ,මම ආපසු නිවසට ආවා. කාමරයට ගිය මම දැක්කේ ඔහු විසින් මට ලබා දී ඇති සිය ගණනක් වූ බෝනික්කන් පමනයි. ඇයි ඔහු මේවා මට දුන්නේ? ඔහු මේවා ලබා ගන්නේ වෙනත් කෙල්ලොන්ගෙන් වෙන්න ඕනි. සිතට නැගුනු කෝපයත් සමග මම බෝනික්කන්ව කාමරය පුරා විසි කලා.
ඒ මොහොතේ දුරකථනය නාද උනා,ඔහුගෙන් ඇමතුමක්. මට නිවසින් පිටතට එන්න කියලා ඔහු ඉල්ලීමක් කලා.මම සිතාගත්තා අද අපේ සම්බන්ධය අවසන් කරන බවට..
ඔව් අද මම ඔහු හමු වෙන අවසන් දිනයයි.
කදුලු පිසගත් මම නිවසින් පිටතට පැමිනියා.ඔහු නිවසින් පිටත පාරේ රැදිලා හිටියා,ඔහුගේ අතේ අද හිටියේ විශාල බෝනික්කෙක්…
ජින් : “ජෝ…මම හිතුවා ඔයා තවම අඩ අඩ ඇති කියලා”
සමච්චල් සහගත සිනාවක් සමග ඔහු එහෙම කිව්වා. සිදු වූ සියල්ල නොසලකා මාව විහිලුවට ගත් ඔහු ගැන මගේ සිතේ ඇති වුනේ වෛරයක්.
ජින් : “ආ මේක ගන්න””
ඔහු සුපුරුදු පරිදි බෝනික්කව මගේ දෙසට දික් කලා
මම : “මට ඕනි නෑ”
මම තරහෙන් කිව්වා
ජින් : “මොනවා…ඇයි?”
මම බෝනික්කව ඔහුගේ අතින් උදුරගෙන පාරට විසි කලා
“මට මේ බෝනික්කව අවශ්‍ය වෙන්නේ නෑ…ආයේ කවදාවත් මට තමුසෙගෙ බෝනික්කෝ ඕනෙ නෑ…මට තමුසේ වගේ මිනිහෙක්ව දකින්නවත් අවශ්‍ය නෑ මීට පස්සේ” මම කෝපයෙන් කෑ ගැසුවා.
නමුත් ඔහු වෙනදා වගේ නෙවේ…මම දැක්කා කදුලු වලක්වගන්න ඔහුගේ ඇසි පිය වේගෙන් සැලෙනවා
“මට සමාවෙන්න””””” සෙමින් කිව්ව ඔහු බෝනික්කව අහුල ගන්න ගියා.
“පිස්සෙක්ද ඔයා? ඔය බෝනික්කව විසි කරලා දානවා…ඔය බෝනික්කෝ
මොකටද?”
ඒත් මට කන් දුන්නේ නැති ඔහු බෝනික්කා දෙසට පා නැගුවා.මේ වෙලාවේ මට ඇහුනා වාහනයක හෝන් ශබ්දයක්,විශාල ලොරියක් අපි දෙසට එනවා.ඒත් මේක නොදැක්ක ජින් පාර මැද්දට යනවා බෝනික්කව අහුල ගන්න.
“ජින්…ජින්…ආපහු එන්න..වාහනයක් එනවා…”මම කොච්චර කෑ ගැහුවත් පලක් උනේ නෑ.
විශාල ශබ්දයක් ඇහුනා…ජින්ව ලොරි රථයේ ගැටුනා…ඔහු තවත් එක වචනයක්වත් නොකියා මගෙන් සදහටම සමු ගත්තා.
එයින් පසු දින ගණනාවක් මම කාමරයෙන් එලියට පැමිනියේ නෑ. ඔහුගේ මරණයේ දුකත් ඒ පිලිබද වරදකාරී හැගීමකුත් මගේ සිතේ තිබුනා.
එක දවසක් මම ඔහු මට දුන්න බෝනික්කන් සියල්ල රැගෙන ඒවා ගණන් කරන්න පටන් ගත්තා.අපි මුලින්ම ආදරේ කරපු දවසේ ඉදන් ඔහු මිය ගිය දවස වන තුරු දිනපතා ලබා දුන් බෝනික්කන් විශාල සංඛ්‍යාවක් මගේ කාමරයේ පිරී තිබුනා.
එකයි…දෙකයි…තුනයි…
හාරසිය අසූ හතරයි…හාරසිය අසූ පහයි.
බෝනික්කන් හාරසිය අසූ පහක් ඔහු විසින් මට ලබා දී තිබුනා.
ඔහු සමග ගත කල ඒ දවස් මතක් වීමෙන් මට ලොකු දුකක් දැනුනා.බෝනික්කන් තදින් තුරුලු කරගත් මම මහ හඩින් හඩන්න උනා. ඒත් හදිසියේම “මම ඔයාට ආදරෙයි” “මම ඔයාට ආදරෙයි” කියලා ජින් ගේ හඩින් මට ඇහුනා. විශ්මයට පත් වූ මම එක් බෝනික්කෙකු රැගෙන එහි උදර ප්‍රදේශය තද කලා.
“මම ඔයාට ආදරෙයි” යලිත් ජින් ගේ හඩ…මම විශ්මයෙන් ගල් ගැසුනා…
සෑම බෝනික්කෙකුගේම උදර ප්‍රදේශය තද කල විට ඇසුනේ ජින් සෙමින් “මම ඔයාට ආදරෙයි” කියන ශබ්දය…
ඇයි මට මේක කලින් තේරුණේ නැත්තේ? ඇයි ඔහුගේ සිතේ මට තියන ආදරය මට පෙනුනේ නැත්තේ? මම ඔහු ගැන කෙතරම් වැරදියට සිතුවත් ඔහු මියයන තුරුම මට ආදරය කර ඇති බව මට වැටහුනේ ඒ මොහොතේයි.
අවසානයේ මම අවසන් දිනයේ ඔහු ලබා දුන් විශාල බෝනික්කාව ඇද යටින් එලියට ගත්තා.එහි තැනින් තැන ඔහුගේ ලේ පැල්ලම්.එහි උදර ප්‍රදේශය තද කල විට මට යලිත් ඇහුනේ ඔහුගේ ආදරණීය හඩ….
“ජෝ..ඔයා දන්නවද අද දවස මොකද්ද කියලා? අදට අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගෙන දවස් 486ක්…ඔයා දන්නවද 486 කියන්නේ මොකද්ද කියලා? මම ඔයාට කවදාවත් ආදරෙයි කියලා නෑ…මට සමාවෙන්න….
.මම හැමදාම ඔයාට ආදරෙයි කියනවා කියලා හිතුවත් ඔයා ලගදි මට ඒ වචන පිට කරගන්න බෑ…ඒකයි මම හැමදාම පොඩි බෝනික්කෙක් ඔයාට දුන්නේ…
ඔයා මට සමාව දීලා මේ බොනික්කව ගත්තොත් මම අද ඉදලා මම මැරෙන තුරු හැමදාම ඔයාට ආදරෙයි කියනවා…ඔව් ජෝ…මම ඔයාට ආදරෙයි”
මට මාවම පාලනය කරගන්න බැරි වුනා…මගේ ඇස් දෙකෙන් කදුලු ගලාගෙන ආවා…මම දෙවියන්ගෙන් ඇහුවා ඇයි මට මේ දේවල් තේරෙන්න මෙච්චර පරක්කු වුනේ කියලා…ඇයි මට ඔහුගේ ආදරය කලින් නොතේරුනේ.
(486 යනු කොරියන් භාශාවෙන් I LOVE YOU වෙනුවට භාවිතා කරන වදනකි.)
ජීවිතයේ ඔබ යමෙකුට ආදරය කරනවා නම් එය ඔහු/ඇය වෙත ප්‍රකාශ කිරීමට බිය වන්න එපා…ලැජ්ජා වන්න එපා.
Sunday, September 18, 2016
හිරු සම්මානලාභී ජනප‍්‍රියම නළුවා සහ හොඳම නිළිය කතා කරති.
‘ප‍්‍රවේගය’ චිත‍්‍රපටය සඳහා මේ ලැබුණු ඇගයීම පිළිබඳ කතා කරපු සතුටත් සමගම ඊට වඩා දෙගුණ තෙගුණවුණු වගකීමක් හිතේ තියෙනවා ඉදිරියේදී හොඳ කලා නිර්මාණ බිහිකරන්නට...
සුපිරි බොලිවුඞ් තරු පිරිවරා ශ්‍රී ලාංකීය සිනමා තරු අභිෂේක ගැන්වූ අන්තර්ජාතික සිනමා රාත‍්‍රියක උත්කර්ෂය Hiru Golden Film Awards - 2016 නෙළුම් පොකුණ රඟහලේදී ඉකුත්දා නිමාවට පත්වුණා.
මෙහිදී හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ප‍්‍රවීණ රංගන ශිල්පිනී කෞශල්‍යා ප‍්‍රනාන්දුයි. ජනප‍්‍රිය රංගන ශිල්පියාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ රංගන ශිල්පී හේමාල් රණසිංහ විසිනුයි.
රිදී තිරයේ නොමද ආකර්ෂණයට සහ ආදරයට පාත‍්‍ර වූ මේ දෙපළ සම්මාන රාත‍්‍රියේ උත්කර්ෂය සමඟ ඔවුන්ගේ ජයග‍්‍රහණයේ සතුට සඳැල්ල හා බෙදා ගත්තේ මේ ආකාරයටයි.
ජනප‍්‍රියම නළුවා සම්මානයට පාත‍්‍රවීම ගැන මොකද හිතෙන්නෙ?
අපි කරන රංගන කාර්යය උපරිමයෙන්ම කරලා සම්මානයක් ලැබීම කියන්නෙ ඒ කරන කාර්යය ඇගයීමකට ලක් කිරීමක්. ඒ පිළිබඳව අවංකව සතුටක් හිතේ තියෙනවා. ඒත් එක්කම ලොකු වගකීමක් තියෙනවා මේ ලැබුණු සම්මානය සහ මෙහි තක්සේරුව ඉදිරියට කොහොමද රඳා පවත්වාගන්නෙ කියන දේ පිළිබඳව.
ජනප‍්‍රියම නළුවා වෙන්න සුදුසුකම් මොනවා වෙන්න ඕනෑ කියලද හේමාල් හිතන්නෙ?
ජනප‍්‍රිය නළුවා සම්මානය මට හිමිවුණේ ජනතාවගෙ ආදරය නිසා. ජනතාවගෙ ආදරය දිනාගන්න හැකිවූ නිර්මාණවලට දායක වෙන්න ලැබීම තමයි මම හිතන්නෙ මට ලැබුණු සුදුසුකම. ඒ නිර්මාණවලට දායක කර ගැනීමෙන් ඒ තුළින් මට ජනතාව අතරට යාමට ලැබීම සම්බන්ධව එම නිර්මාණකරුවන්ට සහ මාව අධ්‍යක්‍ෂණය කරපු සියළු අධ්‍යක්‍ෂවරුන්ට ස්තූතිවන්ත වෙන්න ඕනෑ.
ඒ වගේම මගෙත් එක්ක රංගන කාර්යයෙන් එකතුවුණු සියළුම රංගන ශිල්පීන්ට සහ මගෙත් එක්ක වැඩ කරපු කාර්මික ශිල්පීන් ඒ හැම කෙනාගෙම සහයෝගය මේ සඳහා අවශ්‍ය වෙනවා. මේ වගේ සම්මානයක් මට තනියම ගන්න හැකියාවක් නෑ. ඒක අපි සියළු දෙනාම එකතු වෙලා කරන නිර්මාණයක් තුළින් ගන්නට හැකි වෙන්නෙ. හොඳ නිර්මාණයක් ජනතාවට ලබාදීමෙන් පසුව එය රසවිඳලා එහි තිබෙන චරිතවලට ජනතාවගෙ ආදරය ලැබීම තුළින් තමයි අපි සම්මානයන්ට පාත‍්‍ර වෙන්නෙ.
මේ කීවෙනි වතාවටද ඔබ සම්මානයට පාත‍්‍ර වෙන්නෙ?
මේ දෙවන වතාවට. මට මේ වසරෙදිම පැවැත්වුණු දෙරණ සිනමා රාති‍්‍රයේදීත් ජනප‍්‍රියම නළුවා සම්මානය ලැබුණා. එහිදීත් ඇගයීමට පත්වුණේ ‘‘ප‍්‍රවේගය’’ චිත‍්‍රපටය. හිරු සම්මාන රාත‍්‍රියේදීත් මට ජනප‍්‍රිය නළුවා කියන සම්මානය ලැබුණා. ඒ සඳහා නම් පසුගිය අවුරුදු දෙකේම චිත‍්‍රපට ගැන ඔවුන් සලකා බලා තිබුණා. නමුත් පසුගිය අවුරුදු දෙකේම තිරගත වුණෙත් මගෙ එක චිත‍්‍රපටයයි. ඒ මම ප‍්‍රධාන චරිතයක් රඟපෑ ප‍්‍රවේගය චිත‍්‍රපටය. මේ ජනප‍්‍රියත්වය එක රැුයකින් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි පසුගිය කාලය පුරාවටම කරපු නිර්මාණ මේ සඳහා දායකවෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද ඒ නිර්මාණ දැකලා තමයි අපේ ආදරණීය රසික ජනතාව ඒ වෙනුවෙන් ඔවුන්ගෙ කැමැත්ත ප‍්‍රකාශ කරන්නෙ.
මේ වෙද්දි චිත‍්‍රපට කොපමණ සංඛ්‍යාවකට දායක වෙලා තියෙනවද?
මහා ලොකු චිත‍්‍රපට ගණනක්නම් මේ වනතුරු තිරගත වෙලා නෑ. දැනට චිත‍්‍රපට 04 ක් වගේ තමයි තිරගත වෙලා තියෙන්නෙ. එතනිනුත් ප‍්‍රධාන චරිතවලට දායක වුණේ චිත‍්‍රපට දෙකක පමණයි.
මේ තත්ත්වයට එන්න ගොඩක් කැපකිරීම් කරන්න ඇතිනේ. ඒ ගැනත් කතා කරමු?
මම සම්මාන ලබාගත යුතුයි කියලා සම්මාන පසුපස හඹා යාමක් මගේ ජීවිතේ කවදාවත් තිබිලා නෑ. නිර්මාණයකට දායක වුණාම ඒ නිර්මාණයට උපරිම කැපවීමෙන් වැඩ කිරීම ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කිරීම තමයි මම හිතන්නෙ සියලූම රංගන ශිල්පීන්ගෙ අභිප‍්‍රාය වෙන්නෙ. මමත් ඒ ගොන්නෙම ඉන්න තවත් කෙනෙක්. අපි හැමෝටම අවශ්‍ය වෙන්නෙ හොඳ නිර්මාණයක් ජනතාවට ලබාදීම පමණයි. එවැනි නිර්මාණයක් අපි ඔවුන් වෙනුවෙන් ලබාදීමේදී අපි උපරිමයෙන් එයට සාධාරණයක් කළ යුතුයි. ඒ වෙනුවෙන් යම් යම් දේවල් කැප කිරීම් අපට කරන්න සිදු වෙනවා. ඒක හැමෝටම පොදු කාරණයක්.
ප‍්‍රවේගය චිත‍්‍රපටය සඳහා ජනප‍්‍රිය නළුවා සහ නිළිය යන සම්මාන ද්විත්වයම ලැබුණනෙ. ඒ පිළිබඳව හේමාල්ගේ සතුට කොයි වගේද?
මේ නිර්මාණය ඇගයීමට ලක්වීම ගැන ලොකු සතුටක් තියෙනවා. අපි ගොඩක් වෙහෙස මහන්සිවෙලා කරපු නිර්මාණයන් ඇගයීමට ලක්වීම සංතෝෂයට කාරණාවක් වුවත් ඒත් සමග ලොකු වගකීමක් තියෙනවා. ඒ ජනතාව අපිට ලබාදී තිබෙන තීරණ නිසා. ඔවුන්ට අපි දෙයක් ලබාදෙන්න අවශ්‍යයිනෙ. ඒ වගේම ජනප‍්‍රිය නළුවා සම්මානයත් එක්කම තවත් සම්මානයක් මට ලැබුණා. ,ඵදිඑ ඡුරදපසිසබට ්ජඑදර, මතු බලාපොරොත්තු තැබිය හැකි රංගන ශිල්පියා කියන සම්මානය. ඒ සම්මානය මට ලබාදුන්නෙ ජූරිය විසින්. ඉතින් මේ හැමදේමත් එක්ක තියෙන්නෙ වගකීමක්. එය හුදෙක් සතුටක් පමණක් නෙමෙයි. ‘‘ප‍්‍රවේගය’’ චිත‍්‍රපටය සඳහා මේ ලැබුණු ඇගයීම පිළිබඳ කතා කරපු සතුටත් සමඟම ඊට වඩා දෙගුණ තෙගුණ වුණු වගකීමක් හිතේ තියෙනවා, ඉදිරියේදි හොඳ කලා නිර්මාණ බිහි කරන්නට.
රංජන් රාමනායක, උද්දික පේ‍්‍රමරත්න සහ ඔබ මේ සම්මානය වෙනුවෙන් නිර්දේශ වෙලා හිටියෙ. ඔවුන් අභිබවා ජයග‍්‍රහණය කරන්න ලැබීම ගැන මොකද හිතන්නෙ?
මගේ ජීවිතේ කිසිම කෙනෙකු අභිබවා යාමක්වත්, ජයග‍්‍රහණය කළ යුතුයි කියන දේවත් ආත්මාර්ථකාමී ලෙස සිතා යන ගමනක් නෙමෙයි මේ. අපි සියළු දෙනාගෙම අභිප‍්‍රාය වෙන්නෙ හොඳ නිර්මාණයක් ජනතාවට ලබාදීම පමණයි. රංජන් අයියා කියන්නෙ අපි පුංචි කාලෙ ඉඳන්ම දන්න කියන තරුවක්. අපි ඔහුට ගොඩක් ආදරේ කරනවා. ඒ වගේම, උද්දික කියන්නෙත් දක්‍ෂ නළුවෙක්. මේ වගේ දෙදෙනෙක් සමඟ නිර්දේශ වීමට ලැබීම ලොකු දෙයක්. අපි හැමෝම කා සමඟවත් තරඟයක් නෑ. හැමෝටම අවශ්‍ය වෙන්නේ හොඳ නිර්මාණයක් ජනතාවට ලබාදීම පමණයි.
මේ වසරෙදි මට ලැබුණ ඇගයීම් පිළිබඳ සතුටත් සමඟ ලබන වසරට හොඳ නිර්මාණ ලබාදීමේ වගකීමක් අප සතුව තියෙනවා. ඒ වගේම මා සමඟ නිර්දේශ වුණු අනිත් රංගන ශිල්පීන් දෙදෙනාටත් ලොකු වගකීමක් තියෙනවා ඒ ලැබෙන ප‍්‍රතිචාර රඳවා පවත්වා ගැනීම. ඒක අපි සියළු දෙනාටම පොදු වූ කාරණයක්.
හේමාල් පේ‍්‍රමවන්තයාගේ චරිතය තුළින් පමණයි නේද දැනට දක්නට ලැබුණෙ?
ඒ දැන් ඔයාලා දකින විදියනෙ. ඉදිරියේදි ඒකට උත්තරේ බලාගන්න හැකි වෙයි
අවසාන වශයෙන් අපි කතා කරමු මේ දවස්වල දායකවන අලූත් නිර්මාණ කටයුතු පිළිබඳව?
මේ දවස්වල නම් නිර්මාණයක නියැලිලා නෑ. ඉදිරියට අලූත් නිර්මාණයක් සමඟ එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනට මගේ චිත‍්‍රපටයක් වන ‘‘ආදරණීය කතාවක්’’ තවමත් සමහර සිනමාහල්වල තිරගත වෙනවා. ඒ වගේම ප‍්‍රියන්ත කොළඹගේ අධ්‍යක්‍ෂවරයාගේ අලූත්ම සිනමාපටයේ වැඩකටයුතු 90%ක් කරලා අවසන්. එහි ඉතිරි කොටස ඔක්තෝබර් මස මුල් සතියෙ කරගෙන යාමට නියමිතයි.
මේ චරිතයෙ මගෙ නම තමයි ගෝතමී, ඉතින් ඒ මුළු කාලය පුරාම මම ගෝතමී තුළ තමයි ජීවත් වුණේ. එතකොට මම කෞශල්‍යා නෙමෙයි. සත්‍යජිත් කොතනකදිවත් මට කෞශල්‍යා වෙන්න ඉඩදුන්නේ නෑ....
හොඳම නිළිය ලෙසින් සම්මානයට පාත‍්‍රවීම ගැන මොකද හිතෙන්නේ?
1අපි මේ නිර්මාණ කරන්නෙ බොහොම මහන්සියෙන්. ඒ රංගනය පිළිබඳ ඉගෙන ගෙන ගොඩක් කැපවෙලා. ඒ වෘත්තීය බැ?රුම්ව හදාරලා. මේ චිත‍්‍රපටය වෙනුවෙන් අවුරුදු 3, 4ක් පමණ වෙහෙසුණා. ඒ වෙහෙසීමේ ප‍්‍රතිඵලයක් තමයි මේ ලැබිලා තියෙන්නේ.
චිත‍්‍රපටය වාරණයට ලක්වී අවුරුදු 12කට පසුව යළි ප‍්‍රදර්ශනය වීමෙන් පසුවත් මෙවැනි සම්මානයක් ලැබීම පිළිබඳ ඔබේ අදහස මොකක්ද?
අපිට වලක්වන්නට බැරි සමහර දේවල් තියෙනවනෙ. මේ චිත‍්‍රපටයෙ මගෙ චරිතයට ලොකු බලයක් ඇති කියලා හිතෙනවා. මීට අවුරුදු 12කට පෙර වාරණ මණ්ඩලය විසින් මෙය තිරගතවීම වළක්වන්න ලොකු උත්සාහයක් දැරුවා.
එහි හිටියෙත් උගත්, බුද්ධිමත් පිරිසක්. ඔවුන් තමයි වළක්වන්න හැදුවේ. ඒ වගේම ප‍්‍රදර්ශන තහනම ඉවත් කලාට පසුව නිෂ්පාදකයෙක් නැතිව ප‍්‍රශ්න තිබුණා. ඒ වගේ විවිධ ප‍්‍රශ්නවලට මුහුණ දුන්නා. නමුත් කෙසේ හෝ චිත‍්‍රපටය තිරගත වුණාට පසුව ඒ ගමන නවත්තන්න කිසි කෙනෙකුට බෑ. මේ චරිතය සඳහා සම්මාන උළෙලවල් තුනකදී හොඳම නිළිය සම්මානය ලැබුණා. ඒ සම්මාන උළෙලවල ඉන්නෙත් ජාත්‍යන්තර ජූරියක්. හිරු සිනමා සම්මාන උළෙලෙ හිටියෙත් ඉන්දියානු ජූරියක්. ඒ කියන්නේ මේ චිත‍්‍රපටය ජාත්‍යන්තර මට්ටමෙන් සෑහෙන කතාබහකට ලක්වූවක්.
ලංකාව තුළ මේ පිළිබඳ කුඩම්මාගෙ සැලකිලි ලැබුණට පේ‍්‍රක්ෂකයො මෙය වැළඳගත්තේ අපිටත් අදහාගත බැරි තරමට. මොකද මෙහි කතා කරන්නේ සදාකාලිකවම මනුෂ්‍යයාගෙ තියෙන මනුෂ්‍යත්වය පිළිබඳව. ඒක අපිට බොරු කියලා කියන්න බෑ. ඒකට තහංචි දාන්නත් බෑ. නිර්මාණයක් තුළින් මිනිසුන් හඳුනා ගැනීමක් කරන්නේ. ඉතින් මිනිස්සු එය හඳුනාගත්තා. මේ චිත‍්‍රපටය ගිය වසරේ තිරගත වුණාම පේ‍්‍රක්ෂකයො මාව හොයාගෙන ආවේ. මොකද මම කළ එළිය ඉන්න කෙනෙකුත් නෙමෙයිනෙ. ඉතින් මාව හොය හොයා ප‍්‍රතිචාර දක්වපු ආකාරය හරි පුදුමයි. මම හිතන්නේ කොයි යුගය ආවත් පැරණි නොවන මනුෂ්‍යත්වය ගැන කතා කරන නිර්මාණයක් තමයි මේ.
මේ තරම් ඇගයීමට පාත‍්‍රවුණු චරිතෙ ගැනත් කතා කරමු.
කර්කෂ පරිසරයක සිට කොළඹ ඇඟළුම් කර්මාන්ත ශාලාවක වැඩට එන කාන්තාවක් විදියටයි මම රඟපාන්නේ. මෙහි කතා කරන්නේ 80, 90 කාලයේ තරුණ පරම්රපාවට කිසි දෙයක් පිලිබඳ නිශ්චිත බලාපොරොත්තුවක් තියාගන්න බැරි නිශ්චිත ගමනක් තියේද කියා විශ්වාසයක් නොතිබුණූ කාලවකවානුවක් පිළිබඳවයි. ඇතැම් අය හමුදාවට බැඳෙනවා.
ඇඟලූම් කර්මාන්තයෙ නියැලෙනවා. ඉතින් මේ කතාව බලද්දී සමහරු හිතනවා මෙය ඇඟළුම් කාලපයයි හමුදාවෙ වැඩ කරන පිරිසයි පිලිබඳ කතාවක් කියලා. නමුත් ඒ විදියෙ කතාවක් නෙමෙයි. මෙහිදී සමස්ත තරුණ පරම්පරාව ගැන තමයි කියවනේනේ. නමුත් පිහිටුවලා තියෙන්නේ ඉහත කී පරිසරය මත පදනම් වෙලා. ඇය පහළ දිළිඳු පන්තියේ තරුණියක්. ඇය කොහොමද ඇගේ ජීවිතයේ යම් අර්බුද පසු කරගෙන ජීවිතේ ඉදිරියට ගමනක් යන්නේ සහ ඒ යන ගමනෙ ඇය මුහුණපාන දේවල් පිළිබඳ මෙහිදී කතාකරනවා. ඒ හැමදේ තුළින්ම ඇය ජීවිතය ඉගෙන ගනන්වා.
අවසානයේ ඇය යම්කිසි මාර්ගයකට පිවිසෙනවා. ඒ මාර්ගයට පිවිසෙන්න දරන වෑයම තුළින් ඇය ලබන ජයග‍්‍රහණය තමයි චිත‍්‍රපටයෙන් පෙන්වන්නේ.
ඒ චරිතය එතරම් සාර්ථක වෙන්න ඔබ ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඇති නේද?
මේ චිත‍්‍රපටයෙ අධ්‍යක්ෂවරයා වන සත්‍යජිත් මාඉටිපේ මේ චරිතය ලිව්වෙම මම වෙනුවෙන්. ඔහු මගෙ හොඳ මිතුරෙක් නිසා මගෙ රංගනය සහ මට කරන්න පුළුවන් මොනවද කියන දේ ඔහු හඳුනාගෙන හිටියා. ඔහු මට වඩා වයසින් බාලයි. නමුත් අපි කලාව සහ ඒ සම්බන්ධ අනෙකුත් දේවල් හැදෑරුවෙ සමකාලීනව. මම රඟපෑ නාට්‍ය ඔහු බලලා තියෙනවා.
ඉතින් මට මොනවද කරන්න පුළුවන් කියලා ඔහු දැනගෙන හිටියා. ඒ සියල්ල දැනගෙන තමයි මේ චිත‍්‍රපටය ලිව්වේ. ඒ ලියලත් මේ පිළිබඳව අපි දෙදෙනාම සාකච්ඡුා කළා. අවුරුද්දක් පමණ මේ පිටපත එක්කම අපි ගනුදෙනු කළා. එහි සියළුම නිෂ්පාදන ක‍්‍රියාවලියට ඔහු මාව සම්බන්ධ කරගත්තා. නළු නිළියන් තෝරා ගැනීමේ සිට දර්ශන තල නිරීක්ෂණය කිරීම් ඒ හැමටම මම සක‍්‍රියවම දායක වුණා.
මේ චරිතයෙ මගෙ නම තමයි ගෝතමී. ඉතින් ඒ මුළු කාලය පුරාම මම ගෝතමී තුළ තමයි ජීවත් වුණේ. එතකොට මම කෞශල්‍යා නෙමෙයි. සත්‍යජිත් කොතනකදිවත් මට කෞශල්‍යා වෙන්න ඉඩදුන්නේ නෑ. ඔහු පොලිස් නිලධාරියෙක් වගේ ළඟ ඉඳගෙන හැමවෙලේම මේ චරිතය මතක් කරනවා. ඔහුගේ මග පෙන්වීම සහ අනිකුත් නළු නිළියන්ගේ සහයෝගය ඒ වගේම වේෂ නිරූපණ ශිල්පීන්, කාර්මික ශිල්පීන් ලබාදුන් සහයෝගය හැමදේම ගොඩක් වටිනවා. ඒ හැම දෙනාගෙම කැප කිරීමේ ප‍්‍රතිඵලයක් තමයි මේ.
ඒ කැපකිරීම අපතේ ගිහින් නෑ නේද? ඒ සතුට කොයි වගේද?
අපි රංගනය හදාරන කොට ලෝක සිනමාව ගැන කතා කරනවා. බලනවා. කියවනවනෙ. ඇමෙරිකානු සිනමාවෙ ඔස්කාර් සම්මානය ගන්නේ කව්ද? එංගලන්තයෙ ඉන්දියාවෙ මේ හැම රටකම ඒවා හොයලා බලනවනේ. ඉතින් ඒ නළු නිළියෝ යම් යම් චරිත කළාම ඒවා කොහොමද කළේ කියලා බලද්දී ඒ කැපවීම සහ යොමුවුණු රංගන ක‍්‍රියාවලිය හොඳ පිටිබලයක් වුණා. ඒ රටවල සමහර චිත‍්‍රපට අධ්‍යක්ෂවරු නළුවා රඟපාන චරිතය මොකක්ද කියලවත් කියන්නේ නෑ දර්ශන තලයට එනතුරුම. එයත් එක්තරා තාක්ෂණයක්. සමහර චරිත තියෙනවා ජීව දත්ත අනුව කරන චරිත. ඒ වාගේ එකකට උදාහරණයක් වශයෙන් ගෝතමී චරිතය හඳුන්වන්න පුළුවන්. ඒ චරිතයෙ ජීව දත්ත ඔහු හොඳින්ම හදාරලා තිබුණා. එවැනි හැදරීමක් තුළින් කරන රංගනයක ප‍්‍රතිපලය අපතේ ගියේ නැ. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි.
මේ කීවෙනි වතාවටද සම්මානයට පාත‍්‍ර වුණේ?
මම හොඳම නිළිය සම්මානයට පාත‍්‍ර වුණු 4 වෙනි වතාව මේ. ඒ වගේම මේ ගෝතමී චරිතය වෙනුවෙන් පමණක් තුන් වතාවක්ම සම්මානයට පාත‍්‍ර වුණා.
ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කතා කරමු.
ඉදිරියේදී රඟ පෑ චිත‍්‍රපටි 2ක් එන්න තියෙනවා. එකක් ඩෙනිස් පෙරේරාගේ ත‍්‍රීවිල් ඩයරි චිත‍්‍රපටය. මම හිතනවා සහ බලාපොරොත්තු වෙනවා එය ඉදිරියේදී පේ‍්‍රක්ෂකයන්ට දැකගන්නට හැකිවේවි කියලා. ඒ වගේම සුරංග කටුගම්පල නම් ශ්‍රී ලාංකික ඉතාලියේ වෙසෙන තරුණයෙක් විසින් නිෂ්පාදනය කරන ලද ”පුතෙකුට” නම් චිත‍්‍රපටයෙහි රඟපෑවා. එය ඉතාලියේ ප්‍රෙහාරෝ නම් චිත‍්‍රපට උළෙල ඇගයීමකට පවා ලක්වුණා.
ඒ චිත‍්‍රපටයත් මගෙ රංගනයත් දෙකම. එයත් ඉදිරියේදී ලංකාවෙ රූගතවෙන්න ඉඩ තියෙනවා. ලලිත් රත්නායකගෙ නාට්‍යයකත් රඟපෑවා. ඒ සියල්ල සමගින් මගේම නාට්‍ය දෙකක් අධ්‍යක්ෂණය කරන්නත් හිතාගෙන ඉන්නවා. වේදිකාව පැත්තෙන්. අලූත් නළු නිළියන්ට යම් යම් උදව් කරලා ඔවුන්ව යම් කිසි මාර්ගයකට යොමු කිරීමේ ක‍්‍රියාවලියකත් යෙදෙන්න අවශ්‍යතාව තියෙනවා.
ඒ ගැනත් ඉදිරියට බලමු.
Thursday, September 15, 2016
දෙපිරිසක් ගැටෙයි – නාවික සෙබළෙක් ඇතුළු 02 ක් මරුට.
දෙපිරිසක් අතර ඊයේ (14) රාත‍්‍රියේ ඇති වූ ගැටුමකින් නාවික හමුදා සෙබළෙකු ඇතුලු දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ හම්බන්තොට සූරියවැව මීගහජදුර ප‍්‍රදේශයේ තැපැල් කාර්යාලය අසළ දී මෙම ගැටුම හටගෙන ඇති බවයි. කිසියම් පිරිසක් යතුරුපැදිවලින් පැමිණ තැපැල් කාර්යාලය ඉදිරිපිට රැඳී සිට තිබෙනවා.
එම අවස්ථාවේ දී අදාළ ස්ථානයෙන් ත‍්‍රීරෝද රථයකින් ගමන් කළ පිරිසක් සමග ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුව මෙම ගැටුම හටගෙන තිබෙනවා.
එහි දී යතුරුපැදිවලින් පැමිණ සිටි පුද්ගලයෙකු ත‍්‍රීරෝද රථයේ සිටි අයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණ වුණේ.
එම අවස්ථාවේදීම කොතලාවල ආරක්ෂක පීඨයේ නාවික සෙබළුන් රැගත් කැබ් රථයක් ඒ අසළින් ගමන් කර තිබෙනවා. සිද්ධිය දුටු නාවික සෙබළුන් ඒ පිළිබඳ සොයා බැලීමට උත්සහ කළ අවස්ථාවේ දී ත‍්‍රීරෝද රථයේ සිටි අයෙකු නාවික සෙබලෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක‍්‍රියාත්මකයි.
ඔබගේ පෙම්වතා මේ දේවල් හතර කරනවා නම් ඔහු සමග කවදාවත් විවාහ වෙන්න එපා.
අවාසනාවන්ත ලෙස ඉහත කී හේතු නිසා අත්හැර දැමූ සම්බන්ධතාවයන් අද බහුල ලෙස දැකිය හැකියි. වඩාත් අවාසනාවන්ත කරුණ නම් මෙම නොගැලපෙන සම්බන්ධතාවයන් ආරම්භ කරන්නේ පුර්ව බිදවැටීමේ ලක්ෂණ තිබියදීත් වීමයි.
කාන්තාවන්ට මෙම ලක්ෂණ ,ඔහුව විවාහ කරගන්න එපා යැයි, හඩගා කියාවි. සබදතාවයන් බිදීයෑමේ ප්‍රධානම ලක්ෂණ හතර වන්නේ,
කෝපය සහ ප්‍රචණ්ඩත්වය
ප්‍රචණ්ඩත්වයේ බලපැම් කායිකවම සිදුවිය යුතුම නැහැ. දරුණු ලෙස වචනවලින් බැන වැදීම්, බඩු භාණ්ඩ කඩා බිද දැමීම ආදී දේවල්ද ප්‍රචණ්ඩත්වයයි. මෙම ප්‍රචණ්ඩත්වය කායිකව ඔබ කරා පැමිණීමට වැඩිකලක් යන්නේ නැහැ. නරකමදේ තමයි, කෝපය සහ ප්‍රචණ්ඩත්වය නිසි උපදේශනයක් නොමැතිවුව හොත් උග්‍ර තත්වයකට පත් වියහැකි වීමයි.
අනාචාරයේ යෑම
,වරක් බොරුකාරයකු නම්, දිගටම බොරුකරුවෙකි, යන යෙදුම තහවුරු වු ඉංග්‍රීසි යෙදුමකි. පුද්ගලයෙකු අනාචාරයේ යාමට වරක් කැමත්ත පලකරයි නම්, එම කැමැත්ත දිගටම පවතී. ඔබේ සහකරුවා පෙර සම්බන්ධතා වලදී අනාචාරයේ හැසිරී ඇත්නම් හෝ දැනට පවතින සම්බන්ධතාවයේ මුල් අවස්ථාවල වංචාවන් කර ඇත්නම් එයින් ගම්‍ය වන්නේ ඔහු ඔබටද ආදරය හා දයාව නොමැති බව හා සම්බන්ධතාවය තවදුරටත් නරක අතට හැරෙන බවයි. සම්බන්ධතාවයක් වඩාත් හොදින් පවතින්නේ එක් සහකාරියක් සමග පමණක් පවත්වන්නේනම් පමණි.
Wednesday, September 14, 2016
මතකය අඩුද ? මතකය වැඩි කරවන්න ඕනද ? මෙන්න ඒකට නියම මග දරුවන් ඉන්න දෙමාපියන් අනිවා දැනුවත් වෙන්න මේ ලිපිය කියවන්න.
දරුවන් සිටින සෑම මවක්‌ම පියෙක්‌ම උත්සාහ කරන්නේ තම දරුවන් නීරෝගීව ලොකු මහත් කර සමාජයේ උසස් රැකියාවක නිරත කරවීමටය. ඒ සඳහා ඇතැම් දෙමාපියෝ මුළු සේසතම වියදම් කරති. පාසල් අධ්‍යාපනයට අමතරව ටියුෂන් පංතිද යවමින් දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ වමට්‌ටමකට ගෙන ඒමට උත්සාහ කරති. නමුත් අවාසනාවකට මෙන් බොහෝ දෙමාපියෝ තම දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු අත්‍යවශ්‍ය යුතුකමක් පැහැර හරිති. අවාසනාව වී ඇත්තේ ඔවුන් එම යුතුකම පැහැර හරින්නේ නොදැනුවත්කම නිසාය. එනම්, දරුවන්ගේ නිසි පෝෂණය පිළිබඳ යුතුකමය. ඒ නිසා වර්තමානයේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගෙන් 15% ක් එනම් දරුවන් පස් දෙනකුට එක් අයෙකු නිරක්‌තියෙන් හෙවත් යකඩ ඌණතාවයෙන් (Anaemia) පෙළෙන බව අනාවරණය කරගෙන ඇත.
දරුවකු මවුකුසින් මෙළොව එළිය දුටු පසු මොළය වර්ධනය වීම සිදුවීම සඳහා ලයකඩල පෝෂණය අත්‍යවශ්‍යය. වයස අවුරුදු දෙකට අඩු වයසේදී දරුවකු නිරක්‌තියෙන් හෙවත් යකඩ ඌණතාවයෙන් පෙළේ නම් එම දරුවාගේ මොළය වර්ධනය නිසි ලෙස සිදු නොවේ. එසේ මොළය වර්ධනය නොවූ දරුවා පසු කාලයේදී කෙතරම් ටියුෂන් පංති රැගෙන ගියද මොළය වර්ධනය කළ නොහැකිය.
දරුවාගේ මොළය වර්ධනය කිරීම
මවු කුසින් මෙලොව එළිය දුටු සෑම දරුවකුටම පළමු මාස හය තුළ මවු කිරි ලබාදීමට සෑම මවකම පියවර ගත යුතුය. මවුකිරිවල ලැක්‌ටෝස් සීනි ඇත. එය දරුවාගේ මොළයේ වර්ධනය සඳහා අත්‍යවශ්‍යය. මෙය වයස අවුරුදු 2 - 3 වනවිට සිදුවන දරුවාගේ බුද්ධි වර්ධනයට ඉතා ප්‍රයෝජනවත්ය. එමගින් දරුවාගේ සහජ හැකියාවන් හැ`ගීම් දැනීම් ශාරීරික ක්‍රියාකාරකම් දියුණු කර ගතහැකිය.
බොහෝ දෙමාපියන්ට අවශ්‍ය මෙලොව එළිය දුටු දරුවා ඉතා ඉක්‌මනින් වර්ධනය වනු දැකීමය. එ නම් බෝලයක් වගේ දරුවකු වර්ධනය කර ගැනීමය. නමුත් බෝලයක් වගේ වර්ධනය වූ පෘෂ්ඨිමත් දරුවා අනාගතයේදී ලෙඩ රෝග රැසකට උරුමකම් කියන්නෙකි. මව්කිරි බොන දරුවාගේ සිරුර විශාල ලෙස වර්ධනය නොවේ. නමුත් දරුවාගේ වර්ධනයට අවශ්‍ය සියලු පෝෂණ සංඝටක මවුකිරිවල ඇත. සෙම් රෝග, කනේ අමාරු, විෂබීජ ආසාදන, දත් නරක්‌වීම, දියවැඩියාව, බඩවැල් රෝග හෘදයාබාධ පිළිකා වැනි රෝග මතුවීමේ අවදානම අඩුවේ.
දරුවකුගේ මොළය වර්ධනය සඳහා අවශ්‍ය යකඩ ප්‍රමාණය එළවළුවලින් පමණක් ලබාගත නොහැකිය. නිරෝගී දරුවකුගේ සිරුරේ යකඩ 11.0 g/dl තිබිය යුතුය. මාළු, මස්, රතු මාළු, හාල්මැස්‌සන්, කුකුල් මස්, කුඩා මාළු, කරවල වැනි මාංශ ආහාරවල ඇති යකඩ ශරීරයට ඉතා පහසුවෙන් උරාගත හැකිය. කිරි සහ බිත්තරවල සහ එළවළුවල ඇති යකඩ ශරීරයට උරා ගැනීම අපහසුය.
ගොටුකොළ, සාරණ, තම්පලා, කතුරුමුරුංගා සහ තද කොළපාට, ආහාරවල යකඩ බහුලව ඇත. නිවිතිවල යකඩ ඇතත් එය ශරීරයට උරාගැනීම අපහසුය.
බෝංචි, සෝයාබෝංචි, මුංඇට, කව්පි, උළුඳු, පරිප්පු, වැනි ධාන්‍ය වර්ග බීජ මට්‌ටමින් සකස් කරගෙන ආහාරයට ගතහොත් මෙම ධාන්‍ය වර්ගවල ඇති යකඩ ශරීරයට ඉතා පහසුවෙන් උරාගත හැකිය.
යකඩ ශරීරයට උරා ගැනීම පහසු කිරීම සඳහා එම ආහාරවලට ගොරකා, දෙහිඇඹුල්, සියඹලා, වැනි රසකාරක එක්‌කරගත යුතුය.
යකඩ ඌණතාවයෙන් පෙළෙන දරුවන්
කිසියම් දරුවකු යකඩ ඌණතාවයෙන් පෙළේ නම් එම දරුවන් නිතර අලස බවින් යුක්‌තය. ඉතා කුඩා ක්‍රියාකාරමක යෙදුණ ද දැඩි වෙහෙසක් දැනේ. අන් අය නුරුස්‌සන බවක් මතු වේ. ඇතැම් දරුවෝ පංති කාමරයේ නිදි කිරා වැටෙමින් අලසව කටයුතු කරති. මෙවැනි දරුවන් කොතරම් පොත පත පාඩම් කළද මතක ශක්‌තිය දුර්වලය. ඒ නිසා ඔවුහු පංති කාමරයේ අධ්‍යාපන කටයුතුවලට දුර්වල දරුවන් බවට පත්වෙති.
මෙවැනි දුර්වල දරුවන් කෙතරම් ටියුෂන් පංතිවලට යොමු කළ ද බුද්ධිය වර්ධනය කළ නොහැකිය. ඒ නිසා දරුවාගේ හැසිරීම් රටාව හඳුනාගෙන නිසි පෝෂණයෙන් යුත් ආහාරපාන ලබාදී පළමුව දරුවා නීරෝගී අයකු බවට පත් කළ යුතුය. ඉන්පසු දරුවා ද පොත්පත් පාඩම් කිරීමට යොමු කළ යුතුය.
මතක ශක්‌තිය දියුණු කර ගැනීම
අධ්‍යාපන කටයුතුවල යෙදෙන බොහෝ දරුවෝ විභාගය ආසන්න වනවිට නිදි වරාගෙන පාඩම් කරති. ඇතැම් දරුවෝ වතුර බේසම්වල කකුල් දෙක ඔබා ගෙන පාඩම් කරති. නමුත් දිනකට අඩුම තරමේ පැය 06 කවත් නින්දක් නොලැඛෙන දරුවා කෙතරම් පොත පත පාඩම් කළත් මතක ශක්‌තිය වර්ධනය කර ගත නොහැකිය.
පොත්පත් පාඩම් කිරීමට සුදුසුම කාලය අලුයම් කාලයයි. අලුයම හතරත් පහත් අතර කාලය ඒ සඳහා ඉතා සුදුසුය. නමුත් එම කාලය යොදා ගත යුත්තේ පැය 06 කවත් රාත්‍රි නින්දක යෙදීමෙන් පසුවය.
ඒනිසා තම දරුවන් අනාගතයේදී වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, සංගීතඥයන්, විද්‍යාඥයන් කිරීමේ සිහින දකින දෙමාපියන් වර්තමානයේදී දරුවාගේ නිසි පෝෂණය ගැන සැලකිලිමත් විය යුතුය.
ආඩම්බරකාර දෙමාපියන් ලෙස තම දරුවන්ට ක්‍ෂණික ආහාරපාන ලබාදෙමින් බැලුම් බෝල මෙන් පුම්බන්න උත්සාහ කළොත් සිදුවන්නේ පිම්බී ඉබාගාතේ පාවී ගොස් යම් මොහොතකදී පුපුරා යැමය. එවිට රටටත් සමාජයටත් පවුලේ කොයිකාටත් වටිනාකමක් නැති පුද්ගලයන් බවට ඔවුහු පත්වෙති. ඒ නිසා දරුවන් බැලුම්බෝල කරනවද? යකඩ බෝල කරනවාද යන පැනයට පිළිතුර ඇත්තේ දරුවන්ට ආදරය කරන දෙමාපියන් සතුවය.
කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිශානි ලූකස් සහ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්‌ස යන මහත්මීන් විසින් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැත්වූ දේශනවල තොරතුරු ද මෙම ලිපිය සැකසීමට මූලාශ්‍ර කරගෙන ඇත.
හම්බන්තොට පුංචි යුද්දයක්...හමුදා සෙබලෙක් ඇතුලු දෙදෙනෙක් මරා දමති..
සූරියවැව මීගහජදුරේදී දෙපිරිසක් අතර ඊයේ රාත‍්‍රී ඇති වූ ගැටුමකින් දෙදෙනෙකු මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ නාවික හමුදා සෙබළෙකු සහ තවත් පුද්ගලයෙකි.
යතුරුපැදිවලින් පැමිණි පිරිසක් සහ ත‍්‍රීරෝද රථයකින් ගමන් කළ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර එම අවස්ථාවේ ඒ අසලින් ගමන් කල නාවික හමුදා සෙබළුන් රැගත් කැබ් රථයක සිටි නාවික සෙබළුන් ඒ ගැන සොයා බැගීමට උත්සාහ කරද්දී එක් නාවික සෙබලෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයිද වාර්තා වෙයි.
කොට හාදයෙකු වීමේ විද්‍යාත්මක වාසි මෙන්න මේවා ඇහුවොත් ඔක්කොම කොට වෙයිද? මන්දා.
1. කොට හාදයන්ගේ විවාහ ජීවිතය වඩාත් ස්ථිරය
5’.7” ට වඩා උස අඩු පුද්ගලයන් දික්කසාද වීමේ ශාක්‍යතාවයේ සාමාන්‍යය වනාහී උස වැඩි පුද්ගලයන් දික්කසාද වනවාට වඩා 32% ක් අඩුය යැයි පසුගිය වසරේ නිව්යොර්ක් විශ්ව විද්‍යාලයේ පවත්වන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත. මෙයට එක් හේතුවක් වන්නේ කොට හාදයන් ස්ත‍්‍රියක් සමග ඇසුරක් ඇති කර ගත් පසු තරමක් කල් වී පසු විවාහ වීම යැයි නිරීක්‍ෂණකරුවන් විශ්වාස කරති. එසේ ඇසුරු කාලය දීර්ඝව පැවැත්වීමෙන් පසු සිදු කරගන්නා විවාහය කෙටි ඇසුරකින් පසු කර ගන්නා විවාහයට වඩා ස්ථිර බව පෙනී ගොස් ඇත යැයි මෙම අධ්‍යයනය සිදු කළ ඇබිගෙයිල් වීස්මන් (Abigail Weitzman) අදහස් දක්වයි.
2. ඔබට පිළිකාව ඇති වීමේ අවදනාම සාපේක්‍ෂව අඩුය
උසින් වැඩි අයට පිළිකාවක් ඇති වීමේ වියහැකියාව වැඩිය යැයි යුරෝපීයයන් 585000 ක් සහභාගී කරගෙන සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත. කෙනෙකුගේ උස වැඩි වීමට දායක වන හෝමොන පිළිකාවක් ඇති කිරීමටද හේතු විය හැකිය යැයි නිරීක්‍ෂණවලින් පෙනී ගොස් ඇත.
3. ඔබ වැඩි කල් ජීවත් වනු ඇත
සඟරාව මගින් 2012 සිදු කරන ලද සමීක්‍ෂණයකින් මිටි දේහධාරීන් වැඩි කාලයක් ජීවත් වන බව තහවුරු වී ඇත. ජපන් සම්භවය ඇති ඇමරිකානු පුරුෂයන් 8000 කගේ ජීවිතවල වසර 40 ක අතීතය මේ සඳහා නිරීක්‍ෂණය කරන ලද අතර උස පුද්ගලයන් -ඔවුන් ශරීර සුවය ගැන සැලකිලිමත්ව සිටියද- සාපේක්‍ෂව උසින් අඩු අයට පෙරම අභාවයට යන බව පෙනී ගොස් ඇත. කෙසේ හෝ කොට පුද්ගලයන්ට වැඩි කල් ජීවත් කරවන ජානයක් හිමි වන බවද එය ගැන වැඩි දුර පරීක්‍ෂණ පැවැත්වීමෙන් මෙම සුවිශේෂී තත්වය ගැන තවත් කරුණු අනාවරණය කර ගන්නට හැකි වනු ඇත යැයිද විද්‍යාඥයන් විශ්වාස කරති.
“හිරේ ඉන්න දුමින්ද භාරත තම හිසට වෙඩි තැබූ පින්තූර ෆේස්බුක් දමයි..”
මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා සිය නිල ෆේස්බුක් ගිණුමට පින්තූර කිහිපයක් මුදා හැර ඇත.
භාරත ලක්‍ෂමන්ට වෙඩි වැදී තිබූ අයුරු දැක්වෙන් පින්තූරයක් පසුගියදා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප‍්‍රසිද්ද කර තිබූ අතර ඊට ප‍්‍රතිචාර ලෙස දුමින්ද සිල්වා විසින් මෙම පින්තූර පල කර ඇතැයි සිතිය හැක.
හිරැුණිකා අදාල පින්තූරය ඔස්සේ පෙන්වා දුන්නේ තම පියා වන භාරත ඝාතනය කිරීමට දුමින්ද සිල්වා විසින් වෙඩි තබා තිබූ අයුරුයි.
දුමින්ද සිල්වාද තම ෆෙස්බුක් ගිණුම ඔස්සේ පෙන්වා තිබෙනුයේ භාරත පාර්ශවයෙන් තමනට තැබූ වෙඩිවලින් හිසට හානි වී තිබූ ආකාරයයි.
Tuesday, September 13, 2016
නින්ද නොයන අයට නින්ද යවන කරාබු නැටි දෙකකින් හදන විශ්මිත බෙහෙත මෙන්න.
කරාබු' කියන ශාකය ගැන කතා කළොත් බොහෝ දෙනකුට මතක් වෙන්නේ කුළුබඩුවක්. ඒ තමයි කරාබු නැටි කුළුබඩුවක්ම විතරක් නෙවේ කරාබු නැටි හොඳ ආර්ථිකමය වටිනාකමක් ඇති අපනයන බෝගයක්. මීට වසර කිහිපයකට කලින් විශාල ආර්ථික වාසි ගෙනා බෝගයක් තමයි කරාබු නැටි. අදටත් එහෙමයි. අඩි 2,000කට වඩා උසින් සමන්විත ප්‍රදේශවල (මහනුවර, මාතලේ ආදී) බහුල වශයෙන් හට ගන්නා මෙම ශාකය උඩරට ප්‍රදේශවල මිනිසුන්ට ආදායම් මාර්ගයකුත් වෙනවා. තද ශීතල දේශගුණවල හැර අනෙක් සෑම ප්‍රදේශයකම මේ ශාකය රෝපණය වෙනවා.
අපේ රටට කරාබු නැටි ශාකය ආවේ පෘතුගීසි ආක්‍රමණයෙන් අනතුරුවයි. පෘතුගීසීන් මේ ශාකය ආර්ථිකමය වාසි ලබා ගන්න ලංකාවේ වගා කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. කරාබු ශාකයේ මවුබිම මලක්කාව. කරාබු කියන වචනය දමිළ භාෂාවෙන් බිඳී ආ වචනයක්. අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ රෝග රාශියකට ඔෟෂධයක් තමයි කරාබු ශාකය. කරාබු නැටි හැරුණු විට කරාබු මල්, පත්‍ර යන සෑම අංගයක්ම ආයුර්වේදයේ ඔෟෂධ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නවා. කරාබු ශාකයේ නැටිවලට කරාබු නැටි කියන නම ගොඩනැඟෙන්න හේතුව තමයි මේ නැටි ස්ත්‍රීන්ගේ කන්වල පලඳින කරාබුවල හැඩයට සමානවීම. නමේ අර්ථවත් බව වගේම ඇත්තටම මෙය කරාබුවක් වගේම තමයි.
ආයුර්වේදයේ 'ත්‍රිවර්ග'වලින් එක් වර්ගයක් වන කරාබු නැටි මුඛ සුගන්ධවත් කිරීමටත් අතීතයේත් බහුල වශයෙන් ගෙන තිබෙනවා. ආයුර්වේදයේ විවිධ නම්වලින් මේ ඔෟෂධය හඳුන්වනවා. ශේ්‍රෂ්ඨ පුෂ්පයක් ඇති ශාකය කියන අරුතින් දේව කුසුම කියලත්, ශ්‍රී දේවියට සමාන ගෞරවයක් හිමි විය යුතුය යන අරුතින් සංඥා කියලත්, සඳුන් සුවඳ ඇති මල් සහිත ශාකයක් යන අරුතින් චන්දන පුෂ්පක කියලත් මේ ඔෟෂධීය ශාකය හඳුන්වනවා. ඒ වාගේම සංස්කෘත භාෂාවෙන් 'ලවංග' කියලත් මේ ශාකය හඳුන්වනවා.
ඉරඨඪලඪභථ චපධථචබඪජභථ නමැති උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කරාබු ශාකය අයත් වන්නේ ර්රපබචජඥචඥ කුලයට. ඔෟෂධ පිණිස ගත්තොත් වියළි කරාබු මල් කැකුළු, කොළ, කොළවල නැටි, කරාබු නැටි සහ කරාබු නැටිවලින් ගන්නා තෙල් දේශීය වෛද්‍ය විද්‍යාවෙදි විවිධ රෝග නාශනය කිරීමට
ඔෟෂධ පිණිස යොදා ගන්නවා.
කරාබු ශාකයේ ඔෟෂධ ගුණ පිළිබඳ කතා කළොත් ජීර්ණ පද්ධතිය ආශි්‍රත රෝග සුව කරන්න මෙය විශාල වශයෙන් යොදා ගන්නවා. මල බුරුලින් යෑම, අජීර්ණය, බඩේ වාතය පිරීම, වමනය යෑම වැනි රෝගවලදී ඒවා සුව කිරීමට මේ ඔෟෂධය ඉතාමත්ම ගුණදායකයි. එවන් රෝග අවස්ථාවලදී කරාබු නැටි දෙකක් කටේ දමා හපා විටින් විට කෙළ ගිලීමෙන් ඒ සඳහන් කළ සෑම රෝගයකටම ඉක්මන් සුවයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් වමනය යෑමේ අවදානමකින් පසුවන පුද්ගලයන්ට මේ ඔෟෂධය වමනය යෑම වළක්වාගන්න හොඳම ඔෟෂධයක්. ඇතැම් අයට රථ වාහනවල දුරබැහැර ගමන් යද්දි වමනය යෑමේ ප්‍රවණතාව වැඩියි. එවන් විටකදී කරාබුනැටි කිහිපයක් රැගෙන යෑමත් ඉතාම කාලෝචිතයි.
ඒ වාගේම පුංචි දරුවන්ටත් විවිධ අජීර්ණ තත්ත්ව නිසා වමනය යෑමේ අවදානමක් පවතිනවා. එවන් අවස්ථාවකදී කරාබු නැටි එකක් කාලා ඇල්දියට දමා මඳ වේලාවක් තබා හොඳින් පෙරාගෙන එයට සීනි ස්වල්පයකුත් මිශ්‍ර කර දරුවාට බීමට දෙන්න. වමනය යෑමේ ස්වභාවය එමඟින් නැති වෙලා යාවි. කරාබු කියන්නෙ හොඳ වේදනා නාශකයක්. මුඛාශි්‍රත වේදනාවලටත් මේ ඔෟෂධය ඉතාමත් ගුණදායකයි.
දත් කැක්කුම්, සෙම් ගෙඩි, දත් පණුවො කෑම් වැනි මුඛාශි්‍රත රෝග නිසා වේදනා ගෙන දෙනවානම් කරාබු නැටි කිහිපයක් තළා ඒ යුෂ දතේ හෝ මුඛයේ වේදනා සහිත ස්ථානයේ විටින් විට තවරන්න. දින කිහිපයක් මෙය සිදු කළොත් ඉක්මන් සුවයක් අත් වේවි. ඒ වගේම මුඛයේ විෂබීජ නාශනය කරන්නත් මුඛ දුර්ගන්ධය නැති කරන්නත් මෙය හොඳ ඔෟෂධයක්.
බොහෝමයක් දන්තාලේප සෑදීම සඳහා කරාබු නැටි බහුල වශයෙන් යොදා ගන්නවා. එයට හේතුව මම පෙර සඳහන් කළ විෂබීජ නාශනය කිරීමේ ගුණය සහ මුඛය සුගන්ධවත් කිරීමේ සුවිශේෂී හැකියාවක් මේ ඔෟෂධය සතුව පැවැතීමයි. ඒ සියල්ලටම අමතරව ආහාර රසවත් කිරීමට, විවිධ බීමවර්ග රස ගැන්වීමට වගේම කැවිලි වර්ග රසවත් කිරීමටත් කරාබු නැටි භාවිත කරන්න ඔබට පුළුවන්. ඔබ නිවෙසට එන අමුත්තකුට සංග්‍රහ කරන්න බීමක් හැදුවොත් ඒ බීමට කරාබු නැටි දෙකක් පමණ තළා දැමීමට කටයුතු කරනව නම් එයට නවමු රසයකුත් එක් වෙනවා. ඒ වගේම පෝෂ්‍යදායක බවත් අනූනයි. රසකැවිලි වැනි දේ සඳහාත් කරාබු නැටි කොටා මිශ්‍ර කර ගැනීමෙන් අලුත් රසයක් වගේම සුවඳක් ලබන්නත් පුළුවන්. කරාබු නැටිවල පවතින සුගන්ධවත් රසායනික තෛලය නිසාම විවිධ සබන් වර්ග සුවඳ විලවුන් පමණක් නෙවෙයි දුම්වැටි පවා රසවත් කරන්න කරාබු නැටි තෛලය භාවිත කරනවා. මෙහිදී එකක් සිතට ගත යුතුයි. කෙතරම් රසවත් වුණත් දුම්වැටි කියන්නේ මිනිසා මාරයා වෙත ළං කරන මාරකයක්.
කරාබු නැටිවල පවතින 'ඉයුජිනෝල්' නමැති තෛලය නිසා තමයි මෙහි ඔෟෂධීය ගුණය තව තවත් වැඩි වීමට හේතුව වී ඇත්තේ කරාබු නැටි විෂබීජ නාශනය කරන්නත් ඉතාම යෝග්‍යය ඔෟෂධයක්. ඒ විෂබීජ නාශනය කිරීමේ ගුණය නිසාම ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වන ආසාදන සුව කරන්න මෙය අගනා ඔෟෂධයක්. කෑමේදී එන්සයිම අවම වීම නිසා හට ගන්නා අතීසාර තත්ත්වයන් මඟහරවන්නත් මෙය ඉතාම යෝග්‍ය ඔෟෂධයක්.
ඔබ සුව නොවන අතීසාර රෝග තත්ත්වයකින් පසු වන රෝගියෙක් නම් ඒ නිසා ඔබ විවිධ අවස්ථාවල අපහසුතාවන්ට පත් වෙනව නම් එය සුව කරගන්න සුදුසු ඔෟෂධයක් කරාබු නැටි අනුසාරයෙන් සාදා ගන්නා හැටි මම කියන්නම්. කරාබු නැටි, කුරුඳු, සූදුරු සහ කලාඳුරු අල සමව අරගෙන හොඳින් වියළාගෙන කුඩු කර ගන්න. ඉන් පසු දිනකට තේ හැන්දක ප්‍රමාණය බැගින් මී පැණිත් සමඟ දිනපතා බීවොත් ඔබට අතීසාර රෝග තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම ආහාර අජීර්ණයටත් මේ ඔෟෂධය ගුණදායකයි.
ලොකු කුඩා සැම අයකුටම පීඩා ගෙන දෙන තවත් රෝගයක් තමයි පණු අමාරුයි. ඔබ ගෘහණියක් නම් සතියකට වරක්වත් කරාබු නැටි තැම්බූ ඔෟෂධීය කසාය ඔබේ පවුලේ සාමාජිකයන්ට බීමට දෙන්නේ නම් පණු අමාරුව රෝගය ඔබේ සාමාජිකයන් අතරට එන්නේ නැහැ.
වියළි කරාබු නැටි යම්කිසි ප්‍රමාණයක් හොඳින් කුඩු කර (ඉතා සියුම්ව බ්ලෙන්ඩර් කර ගන්න) වාතය නොයන ලෙස බෝතල් කර දිනපතා ආහාර පිසීමේදී යම් ප්‍රමාණයක් කරාබු නැටි කුඩු වෑංජනවලට මිශ්‍ර කරනව නම් වෑංජනය රසවත් වෙනවා. ඒ වගේම රෝග රාශියක් නොදැනුවත්වම සුවපත් වෙනවා. මෙහිදී එකක් මතක තබාගත යුතුයි. වෑංජනය ළිපේ තැම්බෙන විට එයට කරාබු නැටි කුඩු එක් කරන්න එපා. එහෙම වුණොත් එහි ඇති රසය, සුවඳවත් බව වගේම ගුණයත් විනාශ වෙනවා. ඒ නිසා වෑංජනය ළිපෙන් බෑවට පසුව කරාබු නැටි කුඩු ස්වල්පයක් එක් කිරීම වැදගත්. මස්, මාළු වගේ ආහාර පිසීමේදී මේ කුඩු ස්වල්පයක් එයට එක් කළොත් ඉතාමත් සුගන්ධවත් බවක් සහ රසවත් බවක් එක් වෙනවා.
කරාබු නැටි ඔෟෂධ ලෙස ගැනීමේදී ගැස්ට්‍රයිටිස්, උදරයේ තුවාල ඇති අයට භාවිත කිරීම නුසුදුසුයි. එයට හේතුව තමයි කරාබු ශාකයේ යම් තීක්ෂණ ගුණයක් (සැර බවක්) තිබෙන නිසා එවන් රෝගීන් මෙය ගත්තොත් බඩ දැවිල්ල තත්ත්වයන් ඇති වීමේ ඉඩකඩ වැඩියි.
නිතර නිතර කැස්ස පවතින අයට වගේම සෙම්ප්‍රතිශ්‍යාව, සෙම ගතිය සහ ඇදුම වැනි රෝග පවතින අයටත් කරාබු නැටි ඉතාමත් ගුණදායක ඔෟෂධයක්. එවන් රෝග පීඩාවන්වලින් අසහනයට පත් අය ඉන්නව නම් දිනපතා උදේ හවස පානය කරන තේ වීදුරුවට කරාබු නැටි දෙකක් පමණ කොටා, දමා පානය කරනව නම් පෙර කී සෑම රෝගයකටම එමඟින් සුවය අත් වෙනවා. ඒ වගේම අධික ලෙස සෙම සහිත බව නිසා උගුර ආශි්‍රතව වේදනා හට ගැනීමේ අවදානමක් පවතිනවා. එවන් අවස්ථාවකදී කරාබු නැටි කිහිපයක් උණු වතුර කෝප්පයකට තළා දමා මඳ වේලාවක් නිවෙන්නට තබා එමගින් උගුර සෝදා පානය කළොත් දින කිහිපයක් යද්දි ඔබට සෙම් රෝග, උගුර වේදනා නැති වේවි.
අතීතයේ මැසි මදුරුවන් පලවා හරින්නත් කරාබු නැටි සහ පත්‍ර යොදාගෙන නිවෙස්වල දුම් අල්ලා තිබෙනවා. ඔබත් කරාබු නැටි පත්‍ර වියළාගෙන කුඩු කර ඒ කුඩු ගිනි කබලකට දමා නිවෙසේ දුම් ඇල්ලීම සිදු කරනව නම් කෘත්‍රිම නිෂ්පාදනවලට වඩා මදුරුවන්ගේ උවදුරට එමගින් විසඳුමක් ලබා ගන්නත් පුළුවන්.
ඒ වගේම කරාබු නැටි කියන්නේ හොඳ නිද්‍රාකාරක ඔෟෂධයක්. සමහර පුද්ගලයන් රාත්‍රියේදිත් කොතෙක් නිදා ගන්න උත්සාහ කළත් නින්ද එන්නෙ නැහැ. එයත් එක්තරා රෝග තත්ත්වයක්. එවන් නින්ද නොයන පුද්ගලයන් නිදා ගැනීමට පෙර කරාබු නැටි දෙකක් පමණ තළා දැමූ තේ එකක් බීල නින්දට යනව නම් ඉක්මනින්ම නින්ද පැමිණෙනවා. මොකද මේ ඔෟෂධය තුළ සුවිශේෂී නිද්‍රාකාරී ගුණයක් පවතිනවා.
මෙතෙක් වේලා අපි කතා කළේ කරාබු ශාකයේ පවතින ශාකසාර ඔෟෂධීය ගුණය පිළිබඳ. නමුත් කරාබු නැටි තෙල් කියන්නෙත් දේශීය වෛද්‍ය විද්‍යාවේ රෝග රැසකට සුවය සලසන අද්විතීය ඔෟෂධයක්. කරාබු නැටිවලින් භාගික ආසවන කරලා උෂ්ණත්වය ලබාදීමෙන් කරාබු නැටිවල වාෂ්පශීලී තෛලය ඝනීභවනය කරලයි කරාබුනැටි තෙල් සාදන්නේ. එය නිවෙසේ සිට සාදන්න අමාරුයි. ආසවන යන්ත්‍රයක් මඟිනුයි කළ යුත්තේ. මේ ආකාරයට වාෂ්පශීලීව ලබා ගන්නා කරාබු නැටි තෛලය සුදුපාට ඔෟෂධීය දියරයක්. මේ ආකාරයට ගන්නා කරාබු නැටි තෛලය ශරීරයේ හටගත් ඉන්නන් මතුපිට දිනපතා ආලේප කළොත් කෙටි කලකින් ඉන්නන් ඉවත් කරගන්න ඔබට පුළුවන්. කරාබු නැටි තෙල්, සන්ලයිට් සබන් ස්වල්පයක් සමඟ දිනපතා ඉන්නන් මතුපිට ආලේප කර දින කිහිපයකින් එහි වෙනස ඔබට අත්විඳින්න පුළුවන්.
ඒ වගේම මම පෙර සඳහන් කළ දන්ත වේදනාව, විදුරු මස් දියවීම, සෙම් ගෙඩි හට ගැනීම ආදී මුඛාශ්‍රිත වේදනාවලදී අදාළ ස්ථානයේ කරාබු නැටි තෙල් ස්වල්පයක් දින කිහිපයක් ආලේප කරනව නම් ඉක්මන් සුවයක් ලබා ගන්නත් පුළුවන්. හිසේ කැක්කුම, නාසයෙන් සොටු දියර ගැලීම වගේ රෝග අවස්ථාවලදී කරාබු නැටි තෙල් ස්වල්පයක් හිසේ ආලේප කළොත් එහෙමත් නැතිනම් කපු පුළුන් කැබැල්ලක තෙල් තවරා සුවඳ ආඝ්‍රාණය කළොත් ඉක්මනින් ඒ රෝග පීඩාවන්ගෙන් ඔබට මිදෙන්න පුළුවන්. ඒ වගේම විවිධ හන්දි ආශ්‍රිත වේදනා නිසා කාන්තා, පුරුෂ දෙපාර්ශ්වයේම බොහෝ පිරිසක් අද පීඩාවට පත්ව සිටිනවා. එවන් පුද්ගලයන් කරාබු නැටි සහ කුරුඳු පොතු සමව අරගෙන හොඳින් අඹරා වේදනා සහිත සන්ධිවල ආලේප කළොත් එහි සුවය ඔබට අත්විඳින්නට හැකි වේවි.
ඒ වගේම කුඩා, වැඩිහිටි ඕනෑම අයකු වැටීම්, තැළීම් නිසා හටගන්නා ඉදිමුම්, වේදනා නැති කරන්නත් කරාබු නැටි තෛලය ඉතාම සුදුසු ඔෟධයක්. කරාබු නැටි තෙල්, ශූලහර තෛල, පිණ්ඩ තෛල, ඔලිව් තෙල් යන තෙල් වර්ග සමව මිශ්‍රකර ඉදිමුම් වේදනා ස්ථානවල ආලේප කළොත් (කිහිප විටක්) ඔබට එහි සුවයක් අත්විඳින්න පුළුවන්.
අතීතයේ ඉඳන්ම විවිධ තෙල් වර්ග ශරීරයේ ආලේප කරල සම්බාහනය කිරීම් සිදු කළ බවට පැරැණි ආයුර්වේද පොතපත සාක්ෂ්‍ය දරනවා. ඒ අතර කරාබු නැටි තෛලයට හිමි වන්නෙත් අගනා ස්ථානයක්. ඇරෝමා තෙරපි (මසාජ් ක්‍රමවේදයකි) සම්බාහන ක්‍රියාවලියේදී කරාබු නැටි තෛලයට හිමි වන්නේ සුවිශේෂී තැනක්. මේ ඔෟෂධීය තෛලය ශරීරයට සුවතාවක් වගේම ප්‍රසන්න බවක් සහ වේදනා නාශනය කිරීමේ ගුණයකුත් ලබා දෙනවා.
අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේදී විවිධ අරිෂ්ට, ආසව, කුඩු, තෛල වැනි ඔෟෂධ නිෂ්පාදනය කිරීමට කරාබු ශාකයේ අංග බහුල වශයෙන් යොදා ගන්නවා. සියලුම සෙම් රෝග ඇතුළු ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සුවයට වෙළෙඳපොළේ ඇති ලවංගාදී චූර්ණය සාදන්නත් කරාබු නැටි ඔෟෂධය භාවිත කරනවා. ඒ වගේම ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට සුවය ලබාදෙන ලවංගාදී මෝදකය සාදන්නත් කරාබු ශාකයේ කොටස් යොදා ගන්නවා. ඉහත කී ඔෟෂධ ඔබට වෙළෙඳපොළෙන් මිලදී ගන්නත් පුළුවන්.
පැරැණි ආයුර්වේද ග්‍රන්ථවල "උපදංශය" නමැති රෝගය සුව කරන්න දේව කුසුමාදී රස (කරාබු නැටි) භාවිත කර තිබෙනවා. අතීත පොතපතවල සඳහන් ආකාරයට උපදංශ රෝගයේ ලක්‍ෂණ වර්තමානයේ දක්නට ලැබෙන සමාජ රෝගයක් වන "සිපිලිස්" රෝගයට සමානයි. එයින් පැහැදිලි වෙනවා වර්තමානයේ සමාජයේ මුල් බැස ගත් දැවැන්ත සමාජ රෝගවලටත් කරාබු ශාකය අගනා ඔෟෂධයක් බව.
කොණ්ඩෙ යනවට තෙලක් රන් තැඹිලිවලින් හදමුද? ආය කවදාවත් කොන්ඩේ යන්නේ නෑ මෙන්න විශ්මිත රන් තැඹි ඔසුව.
කොණ්ඩෙ යනවට තෙලක් රන් තැඹිලිවලින් හදමු දිව්‍ය ලෝකයේ දෙවියන්ට සිතූ පැතූ සම්පත් ලබා දෙන වෘක්‍ෂය කප්රුක ලෙසින් හැඳින්වේ. දිව්‍ය ලෝකයේ කප්රුකට හිමි ස්ථානය මිනිස් ලොව හිමි වන්නේ පොල් ගසටයි. එතරම්ම පොල් ගස අප සංස්කෘතියට, සමාජයට වටපිටාවට, ආහාරයට ආදී නොයෙක් අංශවලට වැදගත්වන වෘක්‍ෂයක් බවට පත්වී තිබේ. අතීතයේ සිටම අප සමාජයේ තරුණියක මල්වරවී ගෙට ගෙවදින විට පොල් ගෙඩියක් බිඳ ඇයව ගෙට ගැනීමද, මනාල යුවළක් පෝරුවෙන් බසින අවස්ථාවේදී පොල් ගෙඩියක් බිඳ එයින් බැසීමද සිදු කිරීමේ චාරිත්‍රයක් පවතී. එසේම යාග හෝම බලි තොවිල් ආදී අප ඉපැරැණි සංස්කෘතික අංග හරහාද අද්විතීය තැනක් හිමි වන පොල් මඟින් කෙනකුගේ ග්‍රහ දෝෂ මකාලීමට හැකි බවටද විශ්වාසයක් පවතී. පොල් ගෙඩියට හින්දු ආගම තුළද සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර පොල් මල සෞභාග්‍යයේ සංකේතයක් ලෙසද විශ්වාස කරන බවට කදිම නිදසුනක් වන්නේ පුන්කලස සඳහාද මෙම පොල් මල යොදා ගැනීමයි. පොල් ශාකය අප දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ රෝග රැසකට ගුණ දෙන සුවිශේෂී ඖෂධ සැකසීම සඳහා ගනු ලබන ඖෂධ ශාකයක් බව කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාජගිරියේ පිහිටා ඇති දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මිය පවසන්නීය. එම සුවිශේෂී පොල් ඖෂධය තුළ පවතින ඖෂධීය ගුණය සහ වැදගත්කම පිළිබඳ හැරපත්දෙණිය මහත්මිය ~මව්බිම~ට මෙසේ පැවැසුවාය. ~පොල් කියන්නේ එදිදෙනා ජීවිතේදි අපිට නැතිවම බැරි දෙයක්. ආහාර පිසීමේදී පොල් කිරට හිමි තැන ලබාදෙන්න වෙනත් කෘත්‍රිම රසකාරක එකකටවත් බෑ. ඒ තරමටම අපි පොල් හා සම්බන්ධයි. පොල් ගසේ සෑම කොටසක්ම කුමන හෝ ප්‍රයෝජනයකට ගන්න නිසා මේ ගස කප්රුක කියලයි හඳුන්වන්නේ. කොහොම වුණත් පොල් ගසේ මාතෘභූමිය ලෙස හැඳින්වෙන්නේ මලයාව, නිකෝබාර් දූපත්, අන්දමන් දූපත් කියලයි පර්යේෂකයන් පවසන්නේ. ඒත් බොහෝ විචාරකයන්ගේ මතය තමයි පොල් ශාකයේ නිජභූමිය ලංකාව කියන එක. මොකද විජය කුමාරයා ලංකාවට ඒමට පෙරත් ලංකාවේ පොල් තිබුණා කියලා සාධක පවතිනවා. ~කුවේණි හෑල්ලෙත්~ ඒ බව සඳහන් වෙනවා. එහි සඳහන් ආකාරයට විජය කුමාරයා ලංකාවට ඇවිත් කලකට පසුව ඔහුට දරුණු කුෂ්ඨ රෝගයක් වැලඳුණා. මේ රෝගය නිසා විජය කුමාරයා දැඩි ලෙස පීඩා විඳලා තිඛෙනවා. පසුව ඔහුට ජීවිතේ පවා එපා වෙලා වේදනාවෙන් ඇවිදගෙන යනකොට තරමක් විශාල ගෙඩියක් හමු වෙලා. විජය කුමරා ඒක අතට අරගෙන හිතලා තිඛෙනවා මේක නම් විස සහිත පලයක් තමයි. මං මේක කාලා මරණයට පත්වෙනවා කියලා. විජය කුමාරයා ඒ ගෙඩිය තළලා ඇතුළේ මදය අනුභව කරලා තිඛෙනවා. නමුත් වෙලා තිඛෙන්නේ වෙනත් දෙයක්. විජයට වැලඳී තිබුණු කුෂ්ඨ සියල්ලම ඒ පලය අනුභව කරලා දින කිහිපයකින් සුව වුණාලු. කුවේණි හෑල්ලේ සඳහන් වන විදියට ඒ ගෙඩිය වෙන කිසිවක් නෙවෙයි. රන්තැඹිලි ගෙඩියක්. ඒ විතරක් නෙවෙයි. අප පැරැණි ග්‍රන්ථවල සඳහන් වෙනවා අනුරාධපුරය, පොළොන්නරුව වගේ රාජධානිවල රජ කළ ඇතැම් රජවරු පොල් ශාකයට විශේෂ සංරක්‍ෂණ වැඩපිළිවෙළ යොදලා තිඛෙනවා කියලා. පොල් ශාකයට හානි පැමිණවීම රාජ උදහසට කරුණක් වෙලත් තිඛෙනවා. අතීත රජවරුන් පවා පොල් ශාකයට එවන් සුවිශේෂී තැනක් ලබා දුන්නා. අතීතයේ පටන්ම සුවිශේෂී ස්ථානයක් හිමිවූ පොල් ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය ඛ්ධජධඵ ව්භජඪටඥපච නම් වේ. මෙය අයත් වන්නේ ඒපචජපචඥ කුලයටයි. මෙම ශාකය තුළ පවතින රෝග නැසීමේ මහා ඖෂධීය ගුණය පිළිබඳවද ආයුර්වේදයේ මෙයට හිමි තත්ත්වය පිළිබඳවද ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය. ~අප සිංහල භාෂාවේ පොල් විවිධ නම්වලින් හඳුන්වනවා. නෙරලු, දෘඩ්පල, මාරුක් යන සුවිශේෂී නම්වලින් පොල් හඳුන්වනවා. එයට අමතරව සංස්කෘත බසින් ජල ඵල, පූටෝදක, මහාඑල යන නම්වලින් හඳුන්වන්නේත් පොල් තමයි. ලංකාවේ නම් වියළි තෙත් කලාපවල පොල් ශාකය පවතිනවා. පුත්තලම, කුරුණෑගල, ගම්පහ පොල් ත්‍රිකෝණය ලෙස නම් කරන්නෙත් ඒ ප්‍රදේශවල විශාල ලෙස මේ ශාකය පවතින නිසයි. පොල් ප්‍රභේද කිහිපයක් පවතිනවා. සාමාන්‍ය පොල්, රන්තැඹිලි, කුන්දිරා, ගොන් තැඹිලි ඒ ප්‍රභේද කිහිපයයි. රන්තැඹිලි හා කුන්දිරා වර්ගවල ලෙල්ල තුනී. ඒ වගේම කටුවත් තරමක් තුනී බවින් යුක්තයි. මේ ප්‍රභේද දෙකේ විශේෂත්වයක් තමයි ඇතුළත ලෙල්ල තරමක් රෝස පැහැයක් ගැනීම. ගොන් තැඹිලි සහ සාමාන්‍ය පොල් බහුල වශයෙන් පවතිනවා. අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව පොල් කියන්නේ ලෙඩ රාශියකට සුවය සලසන මහා ගුණ සහිත ඖෂධයක්. අප දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හරහා පොල් ශාකයේ මුල්, කොළ, පොල්පිත්තේ බූව, පොල් වතුර, මී රා, රා, පොල් මද, ළපටි පොල්ගෙඩි, කහකඩ කියන පොල් ගහේ සෑම අංගයක්ම ඖෂධ සැදීම සඳහා යොදාගන්නවා. ඒ වගේම පොල් ගෙඩියේ කුඩාම අවධිය වන කුරුම්බැට්ටියේ සිට කලටි, පැසුණු පොල්, වියළි පොල්, කොට්ට පොල් (ගුඩු පොල්), කොප්පරා (ගුඩු පොල්ද කල්ගත වූ පසුව) දක්වා සෑම අවධියකම පොල් අපි ඖෂධ නිෂ්පාදන කරන්න ගන්නවා.~ කුඩා දරුවන්ගේ සමේ ඇතිවන රත් බිබිළි පලු (රත ගාය) නැතිකිරීම සඳහා ළපටි පොල් කොළවලින් ඔබට නිවෙසේ සිටම සාදාගත හැකි අගනා ඖෂධයක් සාදන ආකාරය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනිය අපට පැවැසුවාය. ~ඇතැම් විට කුඩා දරුවන්ගෙ හමේ රත් පැහැලප, පලු වගේ ~රතගාය~ හටගන්න පුළුවන්. එවන් අවස්ථාවකදි ළපටි පොල්කොළ, ඉදුණු කැප්පෙටියා කොළ, රත් මල් කැකුළු, කපු කොළ, මේ කොළ හතර වෙන් වෙන්ව අරගෙන කොටලා මිලි ලීටර් 240ක් බැගින් ඒ සෑම වර්ගයකින්ම යුෂ ගන්න. අනතුරුව ඒ සියලුම යුෂ වර්ග එකට මිශ්‍ර කරලා ඒකට තල තෙල් මිලිලීටර් 240කුත් එකතු කරන්න. ඉන්පසු අර කලින් අඹරා යුෂ ගත්ත පත්‍ර සියල්ලේම රොඩ්ඩ නැවතත් එකට මිශ්‍ර කරලා පොල් කොළ යුෂෙන් ඒක සියුම් වෙන්න අඹරා ගන්න. හොඳින් සිහින්ව අඹරා ගත් පසුව තල තෙල් සහ පණු සාර යුෂ මිශ්‍රණයට එය මිශ්‍ර කරලා හොඳින් කලවම් කරලා තෙල් ටික බේරෙන්න අව්වේ තියන්න. ඒ බේරෙන තෙල් ටික පෙරාගෙන අරගෙන කුඩා දරුවන්ගේ රත් බිබිළිවලට දිනකට දෙවරක් බැගින් ආලේප කරන්න. මෙය ඉක්මන් සුවය සලසන අත්ඛෙහෙතක්. කාන්තාවන්ගේ ගර්භාෂගත ඕනෑම රෝගයකට සුවයක් ලබාදෙන ඖෂධයක් පොල් මල් හා සම්පාදිත ඖෂධ කිහිපයක භාවිතයෙන් සාදාගන්න හැටි මම කියන්නම්. ඒකට භාවිත කරන්න ඕනේ තැඹිලි පොල් මල්. මේ ඛෙහෙත හඳුන්වන්නේ ~තැඹිලි පොල් මල් පුටපාකය~ කියලයි. ළපටි තැඹිලි පොල් මල්, අළුකෙසෙල් අල, අත්තික්කා පොතු, මාදං පොතු, ළපටි පොල් මල් (තැඹිලි මල්වලට අමතරව) යන ද්‍රව්‍ය සමව අරගෙන හොඳින් අඹරාගෙන නුග කොළේක හරි කෙසෙල් කොළේක හරි ඔතලා ඒ කොළේ මතුපිට නොලිහෙන්න මැටි ගාලා අවුවේ වේළා ගන්න. මැටි වේළුණාම උණ අළු පල්ලේ ඒක පුච්චලා මැටි රන් පැහැ වුණාම ළිපෙන් අරගෙන රස්නය ගියාම ලිහලා ඇතුළේ ඖෂධ හොඳින් මිරිකා යුෂ බොන්න. ගර්භාෂයේ ඕනෑම රෝගයකට මේක හොඳම ගර්භාෂ රෝග, මුත්‍රා දැවිල්ල, මුත්‍රා සමඟ ලේ පිටවීම ශරීර අභ්‍යන්තරය දැවිල්ල, ආමාශගත වේදනා ආදී සියලුම රෝගවලට පොදුවේ දෙන්න පුළුවන් හොඳ කෂායක් පොල් මුල්වලින් හදාගන්න හැටි මම කියන්නම්, පොල් මුල් පිරිසුදු කොට ස්වල්පයක් අරගෙන මුට්ටියකට දාන්න. ඒකට සහිඳ ලුණු, ඉඟුරු සුළු ප්‍රමාණයක් එකතු කර වතුර පත 8ක් දමා පත එකට සිඳුවා උදේ හවස පත භාගය බැගින් මී පැණි සමඟ බොන්න. ඉහත සඳහන් කළ සෑම රෝගයකටම සහ විවිධ උණ රෝගවලින් පෙළෙන අයටත් මේක රෝග නාශක ගුණය ඉහළින්ම ඇති හොඳ කෂායක්.~ පොල් පිත්තක් ගසට සම්බන්ධ වන ස්ථානයට සමීපව පොල් පිත්තේ කහ පැහැති සුඹුලක් ඔබ දැක ඇත. ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනිය පවසන පරිදි එම පොල් සුඹුල අරගෙන පොල් තෙල් හා මිශ්‍ර කොට අලුත ලේ ගලන තුවාලවල එය ආලේප කිරීමෙන් රුධිරය වහනය වීම සිදු නොවේ. තවද පොල් ගසේ පොත්ත පුලුස්සා ගත් අළු දත් මැදීම සඳහා යෝග්‍ය බවද මුඛය ආශ්‍රිත රෝග නැසීමේ සහ බැක්ටීරියා විනාශ කිරීමේ සුවිශේෂී හැකියාවක් ඒ තුළ පවතින බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. පොල් වතුර, තැඹිලි වතුර පිළිබඳ ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථවලද සඳහන් වේ. තැඹිලි වතුර තුළ පවතින සුවිශේෂී සීනි රසය සහ ඛනිජ ලවණ හේතුවෙන් රුධිරය සමඟ ක්‍ෂණිකව මිශ්‍රවීමේ හැකියාවක් මෙම දියරය සතුව පවතී. අතීත යුද්ධවලදී සොල්දාදුවන්ගේ සිරුරෙන් ලේ පිටවීම් සිදුවූ විට සේලයින් වෙනුවට තැඹිලි වතුර දී ඇති බවත් එය ශරීරය ප්‍රාණවත් කිරීමට ඉතාමත්ම යෝග්‍ය ඖෂධ දියරයක් බවත් හැරපත්දෙණිය මහත්මිය පවසන්නීය. ~තැඹිලි වතුර කියන්නේ ඇඟ ප්‍රාණවත් කරන රසවත් ප්‍රාණයක්. මේ තැඹිලි වතුර භාවිතයෙන් ඖෂධ දියර හදලා විවිධ රෝගවලට පිළියමක් ලෙස පානයට දෙනවා. මුත්‍රා දැවිල්ල, මුත්‍රා මාර්ගය ආශ්‍රිත වේදනාව, ආමාශගත වේදනාව ආදී රෝග රැසකට ගුණ දෙන ඖෂධීය පානයක් කුරුම්බා, තැඹිලි වතුරින් සාදාගන්නා හැටි මම කියන්නම්. තැඹිලි වතුර භාජනයකට ඉඟිනි ඇට, සුදු හඳුන් දියකර රැයක් වසා තබා උදෑසන පානයට ගන්න. මුත්‍රා දැවිල්ල, බඩ දැවිල්ල ආදී රෝග රැසකට ඉක්මන් සුවයක් එමඟින් ලැඛෙනවා. අපේ දේශීය චිකිත්සාවේ තැඹිලි වතුර සම්පාදන ඖෂධ බහුල වශයෙන් තිඛෙනවා. ඒ වගේම කිසිදු සම්පාදිත ඖෂධයකින් තොරව නිකම්ම තැඹිලි වතුර කුරුම්බා වතුර පානය කරනව නම් මුත්‍රා අමාරු, ආමාශගත රෝග මුත්‍රා සමඟ ලේ පිටවීම වගේ රෝගවලට එය හොඳ ඖෂධයක්. කෑම අරුචිය, අප්‍රාණිකත්වය, ආමාශ දැවිල්ල වගේ රෝගවලින් පෙළෙන අයට තැඹිලි වතුර පත 8ක් 1ට සිඳුවා ඒ සිඳුවාගත් පත එකට ඉදුණ කෙසෙල් ගෙඩි 2ක් පමණ තළා මිශ්‍ර කර බොන්න දෙන්න. කෑම අරුචියට, ඇඟපත අප්‍රාණිකත්වයට, ආමාශ දැවිල්ලට ඒක හොඳ ඖෂධීය පානයක්.~ ආයුර්වේදයේදී විවිධ තෙල් අතර පොල් තෙල්වලට හිමිවන්නේ අද්විතීය තැනකි. විවිධ බැක්ටීරියා වෛරස් විස නැසීමේ විශේෂ හැකියාවක් ඇති පොල් තෙල් ආයුර්වේදයේ විවිධ රෝග සඳහා ඔසු පිණිස දෙන තෙල්වලට සම්පාදිත ඔසුවක් ලෙසද භාවිත කරනු ලබයි. ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනිය පවසන පරිදි නීල්‍යාදී තෙල්, පිලිස්සුම් තෙල් සහ බටු තෙල් සඳහාද බහුල වශයෙන් පොල් තෙල් භාවිත කොට තිබේ. අප එදිනෙදා ජීවිතයේ ආහාර පිසීම සඳහා හිසේ ආලේප කිරීම සඳහා පොල් තෙල් නිවෙසේදීම සිඳගත හැකි බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය. පොල් තෙල් අපිට අපේ නිවෙසේදීම සිඳ ගන්න පුළුවන්. පොල් ගෙඩි කිහිපයක් ගාලා අරගෙන ඒවායේ මිටි කිරි ගන්න. පසුව ඒක ළිපේ තබා මඳ ගින්නේ රත් කරන්න. මඳින් මඳ රත්වීමේදී තෙල් බේරෙනවා. ඒ තෙල් පෙරා බෝතලයකට දාගෙන ඔබේ ඉදිරි වැඩකටයුතුවල අවශ්‍යතා සඳහා යොදා ගන්න. අපි ගෙදරදී ඒ ආකාරයට සිඳින තෙල් ආයුර්වේදයානුකූලව ~අත් තෙල්~ කියලා හඳුන්වනවා. අද ගොඩක් අය වෙළෙඳපොළේ දක්නට ඇති විවිධ රසායනික වස අඩංගු තෙල් වර්ග භාවිත කරලා අකලට කෙස් ඉදීම, කෙස් යෑම, කෙස් පැළීම වගේ ලෙඩ රැසකට මැදිවෙලා සිටිනවා. ඒ තත්ත්වයේ ඉන්න අය එයින් මිදවීමටත් යහපත් කේශ කලාපයක් ඇති ස්ත්‍රී පුරුෂ සෑම දෙනාටම ඒ තත්ත්වය පවත්වාගෙන යෑමටත් රන් තැඹිලිවලින් හොඳ ඖෂධීය ගුණ සහිත තෙලක් සාදාගන්නා හැටි මම කියන්නම්. පොල්ගෙඩි පහක් පමණ හිරමනේ ගාගෙන එහි මිටි කිරි ගන්න. පසුව ඒක ළිපේ තබා රත් කරනකොට මඳින් මඳ තෙල් බේරෙනවා. ඊට පසුව තෙල් පෙරළා අරගෙන ඒ තෙල් බෝතලයකට දමා ගැඹුරු තෙලේ බැඳ ගත් රතු ලූනු කැබලි කිහිපයක්, අමු සැවැන්දරා ස්වල්පයක් සහ බැදපු උළු හාල් කුඩු ස්වල්පයක් මිශ්‍ර කරලා දිනපතා ඔළුවේ ගාන්න. තට්ටය පෑදෙන අයට ඒ තත්ත්වයෙන් මිදීමටත් අකලට කොණ්ඩෙ ඉදෙන අයට එයින් මිදීමටත් මේ තෛලය ඉතාමත් වැදගත්. මේක ස්ත්‍රී පුරුෂ කාටත් උචිත තෙලක්. මෙහි කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගුව නැති නිසා හිසේ කෙස් අවපැහැ ගතියෙන් මුදා හොඳ කාලවර්ණයක් ලබාදීමක් පවා කරනවා.~ පොල් ශාකයේ විසබීජ නාශක ගුණයක්ද පවතී. අලුත උපන් බිලිඳුන්ගේ හම ඉතා සියුම් බැවින් විස බීජවලට ඔවුන් ගොදුරුවීමේ අවදානම වැඩිය. එබැවින් කුඩා බිලිඳකු දිනපතා නෑමට පෙර ඔහුගේ හම පිරිසුදු කිරීමට සුදුසු ආලේපන තෛලයක් සාදාගන්නා ආකාරයද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. ~අපි මේ ඖෂධත් තෛලය හඳුන්වන්නේ ~තෙල් කිරි~ කියලා. ඕනෑම පොල් වර්ගයක් හිරමනේ ගාගෙන එහි මිටි කිරි අරගෙන එයට කහ කුඩු ටිකක් මිශ්‍ර කිරීමෙන් අනතුරුව පැතැලි බඳුනකට දමා ඉර අවුවේ තබන්න. ඉන්පස්සේ මඳින් මඳ බේරෙන තෙල් බෝතලයකට දමා ගන්න. දිනපතාම බිලිඳා නැහැවීමට පෙර මුළු සිරුරේම මේ තෙල් ආලේප කර විනාඩි පහක් පමණ තබා පසුව බිලිඳාව නාවන්න. බිලිඳාගේ සිරුරට අහිතකර ඕනෑම විසබීජයක් මේ ~තෙල් කිරි~ මඟින් විනාශ කෙරෙනවා. යමකු හන්දිපත් වේදනාවෙන් පෙළෙන විට ශරීරයේ තැල්මක්, වේදනාවක්, ඉදිමුමක් වැනි රෝගයක් ඇත්නම් එම සෑම රෝගයක් සඳහාම ~තෙල් කිරක්~ සාදාගන්නා ආකාරයද ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය. ~ගොනු කෑ කොළ, ඔලිඳ කොළ, ජෝතා කොළ, බැලතණ, අමුකහ කියන මේවා සමව අරගන්න. ඉන් පසුව තැඹිලි පොල් ගෙඩියක් හිරමනේ ගා ගෙන පෙර සඳහන් ඖෂධ හා මිශ්‍ර කර කොටන්න. කොටලා හොඳින් මිරිකා ගත් යුෂ අරගෙන පැතැලි තැටියකට දාලා අවුවේ තියලා තෙල් බේරුණාම මතුපිට තෙල් කොටස පෙරා බෝතලයකට දමා ගන්න. හන්දිපත් වේදනාවකදී, ඉදිමුමකදී වගේ රෝගයකදී මේ තෙල් කිරි ඒ ස්ථානයේ වරින් වර ආලේප කරන්න. ඉක්මන් ගුණයක් අත් වේවි...~ අලුත බිලිඳුන් බිහි කළ මවුවරුන් සඳහා කොට්ට පොල්වලින් සෑදූ සම්බල් දීම ඉතාමත් යෝග්‍ය බවද ශරීරයේ වේදනාව නැති කොට මවගේ කිරි වර්ධනය කිරීමට එය වටිනා ඖෂධයක් බවද හැරපත්දෙණිය මහත්මිය පවසන්නීය. ආමාශගත දැවිල්ල, බඩේ තුවාල වැනි උදරය ආශ්‍රිත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ඒ තත්ත්වයෙන් මිදීම සඳහා අද්විතීය ඖෂධයක් පොල් මඟින් සාදාගන්නා ආකාරය හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. ~මෙහි නම ~නාරි කේල ලවණ ඔසුව~ යමෙක් ආමාශගත රෝග පීඩාවකින් පෙළෙනව නම් උදරය ආශ්‍රිත ඕනෑම ලෙඩකින් පෙළෙනව නම් මේ ඖෂධය සාදාගෙන ආහාරයට ගැනීම හරහා නිසි සුවයක් ලබන්න පුළුවන්. පොල් ගෙඩියක් ඔයලා අරගෙන පොල් මුඩුව ඉවත් කර ගෙඩියේ සුඹුල් හොඳින් ඉවත් කරන්න. ඉන්පසු පොල් ගෙඩියේ මුදුනත ඇස් තුනෙන් එක ඇහැක් සිදුරු කරලා වතුර ඉවත් කරලා පොල්ගෙඩිය පිරෙන තුරු සහිඳ ලුණු පුරවන්න. ඉන්පසු ගෙඩිය වටේට රෙදි කඩක් ඔතලා ඒකට මැටි ගහලා අව්වේ හොඳින් වියළාගෙන සෙන්ටිග්‍රේට් අංශක 800ක් 1000ක් අතර උෂ්ණත්වයක පැයක් පමණ පොල් ගෙඩිය පුච්චන්න ඉන්පසුව නිවුණු පසු මැටි ඉවත් කර ගන්න. කටුව පිච්චිලා සහිඳ ලුණු පොල් මදය සමඟ මිශ්‍ර වෙලා තිඛෙන ආකාරය ඔබට දැකගන්න පුළුවන්. පොල් කටු කොටස් ඉවත් කරලා සහිඳ ලුණු මිශ්‍ර වුණු මදය අරගෙන හොඳින් කොටා කුඩු කරලා අරගෙන බෝතලයකට දාගෙන දිනපතා උදේ හවස තේ හැන්ද බැගින් එය ආහාරයට ගන්න. ආමාශගත රෝගවලට එය ඉතාමත්ම ගුණදායකයි.
සීනි වැඩි වුනොත් ඔබේ සිරුරේ සිදුවෙන වෙනස් කම් දන්නවද? මෙන්න මේ වගේ රෝග ලක්ෂණ ඔබටත් ඇතිවෙන්න පුළුවන්
සීනි අඩංගු ආහාර නිතර ගැනීම සිරුරට හිතකර නොවන බව කවුරුත් දන්නවා. එසේම සීනි වැඩිවුණොත් දියවැඩියාව හැදෙනවා කියල තමයි සාමාන්‍යයෙන් අපි දන්නේ. එහෙත් අපි නොදන්නා ඉතාමත් අහිතකර බලපෑම් ගැන තමා මේ කියන්න යන්නේ. සීනි ඔබේ සෞඛ්‍යයට අහිතකර වීමට බලපාන හේතු කීපයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ.
දන්ත සෞඛ්‍යයට අහිතකරයි
සීනිවල අත්‍යවශ්‍ය පෝෂණ කොටස් අඩංගු නැත. කැලරිද එහි අන්තර්ගතව නැත. අත්‍යවශ්‍ය විටමින්, ප්‍රෝටීන් හා මේද කිසිවක් මින් ලබාගත නොහැකියි. එය මුඛය තුළ බැක්ටීරියා වර්ධනය වීමට හේතු වන නිසා දත්වලට හානි කරයි.
අක්මාව ඉදිමෙනවා
සීනි දිරවීමෙන් පසු රුධිරයට එක්වී එය ග්ලූකෝස් හා රෙමජඑදිැ ලෙස බැෙ`දයි. ග්ලුකෝස් ශරීරය තුළින්ම නිපදවුවද රෙමජඑදිැ අප ලබා ගන්නේ පිටතිනි. නමුත් එය අවශ්‍ය වන්නේ ස්වල්ප වශයෙනි. මේවා වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඒවා ග්ලයිකොජන් බවට පත්වී අනවශ්‍ය ලෙස අක්මාවේ තැන්පත් වෙයි. මේ නිසා මේදය තැන්පත්ව අක්මාව ඉදිමීමට ලක්විය හැකියි.
අක්මාවේ මේද තැන්පත් කරවනවා
සීනිවල අඩංගු ෆෘක්ටෝස් මේද බවට පත්ව අක්මාවේ තැන්පත් වෙයි. මේ හේතුවෙන් මද්‍යසාර නොගන්නා අයට වුවත් ව්ධද භයානක අක්මා රෝග ඇතිවීමේ අවදානම ඇතිවිය හැකියි.
දියවැඩියා රෝග අවදානම
ශරීරයේ ක්‍රියාවලියට ඉන්සියුලින් අත්‍යවශ්‍ය සාධකයකි. එම ග්ලූකෝස් රුධිර නාළිකාවලට ඇතුළු වී මේද දහනය වෙනුවට ග්ලූකෝස් දහනය කරයි. මේ හේතුවෙන් දියවැඩියා අවදානම වැඩිවී තරබාරුකම, හෘද රෝග වැනි රෝග තත්ත්ව රැසකටම මුහුණපෑමට සිදුවෙයි.
පිළිකා අවදානම
හෝමෝන වර්ධනයට ඉන්සියුලින්වල වැඩි බලපෑමක් සිදු කළ හැකියි. නිතර ඉන්සියුලින් ප්‍රමාණය වැඩිවීමත් පිළිකා අවදානම වැඩි කිරීමට හේතුවෙයි.
මොළයට බලපානවා
බොහෝදෙනා පැණිරසට ඇබ්බැහි වී ඇත. එය මොළයේ නිවැරැදි සංඥා නිකුත් කිරීමටද බාධා ඇති කරවයි.
මහත් වෙනවා
සීනිවල බලපෑම මොළයට මෙන්ම තරබාරුකමටද බලපෑම් ඇති කරවයි. සීනි යෙදූ ආහාර වැඩිපුර ගැනීම තරබාරුකමට හේතුවන බව සොයා ගැනේ.
කොලෙස්ටරෝල් හා හෘද රෝග
පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ රුධිර ගත ඉන්සියුලින් මට්ටම ඉහළ ගොස් හෘද රෝග අවදානමද ඇතිකරවන බවයි.
නිතර කුසගින්න ඇතිකරවයි
තරබාරුකම පාලනයට ආහාර අඩු ප්‍රමාණයක් ගන්න ඇතැම් අය හුරුව සිටිති. මේදය අඩු වුවත් එම ආහාරවල සීනි අධිකව අඩංගු වේ නම් ඔබට නිතර කුසගින්න ඇතිවෙයි. එනමුත් වැඩිපුර ආහාර ගත්තද තරබාරුකම ඇති නොවුවත් නිතර කුසගින්න ඇති වන්නේ සීනි අධිකව ගැනීමෙනි.
විඩාව වැඩිවෙයි
කාබෝහයිඩ්‍රේට් හා සීනි වැඩිපුර ගැනීම නිසා රුධිර ගත සීනි මට්ටම ඉහළ යයි. මේ හේතුවෙන් සිරුරට අධික වෙහෙසක් ඇතිවිය හැකියි.
අධෛර්යයට පත්කරයි
සීනි අධිකව ගැනීම නිසා ඔබේ මොළයේ ෙසෙලවලට අහිතකර බලපෑම් ඇති කරවයි. මතක ශක්තිය, මනසේ ප්‍රබෝධය අඩු කරයි.
මාංසපේශි වේදනාව
පිරිසුදු කරන ලද සීනි ගැනීමෙන් මාංස පේශිවල වේදනාව හා ඉදිමුම් ඇතිවිය හැකියි. එලෙස හෝමෝනවල ඇතිවන අසමතුලිතතාව හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු වී සිරුරේ අලස බවත් ඇති වෙයි. මේ නිසා සීනි අඩු ආහාරවලට හුරුවන්න..
පිළිකා රෝග වැළදීම වලක්වා ගන්න සාර්ථක පිළියම් මෙන්න.පිළිකාවක්හැදුනොත් ජීවිතේම අසාර්ථකයි නිරෝගිමත් දිවියකට මේ දේවල් දැනගන්න.
පිළිකා රෝගය ලොව පුරා ජනතාව පෙළෙන ප්‍රධාන රෝගාබාධ වලින් එකකි. ලොව පුරා සිදුවන මරණයන්ට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්‍නේ හෘද හා වාහිණිගත රෝග වන අතර දෙවෙනි තැන හිමිවන්‍නේ පිළිකා රෝගයටයි.
ස්ත්‍රි පුරුෂ ළමා මහලු භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට
පිළිකා රෝගය වැළදිය හැක . ශ්‍රී ලංකාව තුල වර්තමානයේ ප්‍රධාන වශයෙන්ම දක්නට ඇත්තේ මුඛ පිළිකා හා පියයුරු පිළිකා වන අතර ගලනාල පිළිකා, ගර්භාෂ පිළිකා, ගැබ්ගෙල පිළිකා හා අක්මා පිළිකා ද බහුලව දක්නට ලැබේ.
නිරෝගී ජිවන රටාවක් ඇතිකර ගැනීමෙන් පිළිකාවන්ගෙන් 1/3 ක් වලක්වා ගත හැකි අතර පිළිකා වලින් 1/3 ක්ම කලින් හදුනා ගැනීමෙන් සම්පුර්ණයෙන්ම සුව කළ හැකි වේ. එහෙයින් මේ පිළිබදව සමාජය දැනුවත් කිරිම තුලින් මෙම තත්ත්වය අවම කර ගැනීමට හැකිවනු ඇත.
පළමුව පිළිකාවක් යනු කුමක්දැයි විමසා බලමු.
මිනිස් සිරුරෙහි කුඩාම ඒකකය සෛලයක් ලෙස හදුන්වයි. සෛලයක න්‍යෂ්ටියේ ඇති වර්ණ දේහ නම්වු ජාන කොටස්වල ඇති ඩී.එන්.ඒපළක 4 නම් රසායනිකය සෛල බෙදීම කෙරෙහි බලපාන අතර සෛල බෙදෙමින් නව සෛල නිර්මාණය වීමත් පැරණි සෛලවල කාලය අවසන් වීමත් සිදු වෙයි. මෙම සෛල බෙදීම ක්‍රමිකව පාලනයක් ඇතිව සිදු වේ. නමුත් පිළිකා ඇති කරන හේතු සාධක මෙම ජාන සෑදි ඇති ඩී.එන්.ඒ පටල විකෘති කරන අතර මේ නිසා ඒවා පිළිකා ජාන බවට පත්වී පිළිකා සෛල සෑදීම ආරම්භ කරයි.
මෙම පිළිකා සෛල ඒ වටා ඇති පටකවලටද ඈතින් ඇති පටක වලටද රුධිර ලසිකා ආදි මාර්ග ඔස්සේ ශරීරය පුරා පැතිරී යයි.
බොහෝ පිළිකා ඇති වීමට හේතුවු කරුණු ලෙස හඳුනාගෙන ඇත්තේ මිනිසාගේ වැරදි ජීවන රටාවයි. එදා අපේ පැරැන්නන් ස්වභාව ධර්මය හා එක්ව ඉතා සරල දිවිපෙවෙතක් ගතකළහ. ඔවුන් ස්වාභාවික පරිසරයෙන් ලබා ගත් පැලෑටි, අල වර්ග, වස විස නැති ධාන්‍ය වර්ග, එළවළු වර්ග හා පලතුරු ආහාරයට ගත්හ. පිරිසිදු වාතය ආශ්වාස කළහ. පිරිසිදු ජලය පානයට ගත්හ. මේ නිසා ඔවුන් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවු අතර පිළිකා වැනි රෝග තත්ත්වයන් දක්නට තිබුනේ ඉතා අවම මට්ටමක බව පෙනේ.
නමුත් වර්තමානයේ අප ගත කරන්නේ සංකීර්ණ ජීවන රටාවකි. අතීතයේ මෙන් සරල දිවිපෙවෙතක් ගත කිරීම අසීරු වී ඇති නමුත් දැනුවත්වීම හා උත්සාහය තුලින් යම් ප්‍රමාණයකට හෝ ඉන් මිදීමට අපට හැකියාව ඇත. පිළිකා ඇති වීමට හේතුවු ප්‍රධාන කරුණු කිහිපය අතරින් ආහාර ප්‍රධාන තැනක් ගනී. මෙය පිළිකා පමණක් නොව බෝනොවන රෝග රැසක් ඇති වීමට ද හේතුවක් වී ඇත.
මීට හේතුවී ඇත්තේ අප අද වැරදි ආහාර රටාවකට යොමු වී තිබීමයි.අවිවේකී බවත් පහසුවත් නිසා අද බොහෝ දෙනා වෙළද පොලෙන් මිළදී ගන්නා පිළියෙල කරන ලද ක්ෂණික ආහාර ගැනීමට පෙළඹී ඇත. එම ආහාර වල ඇති රස කාරක, වර්ණ කාරක හා කල්තබා ගැනීම සදහා යොදනු ලබන රසායන ද්‍රව්‍ය ශරීරය තුල පිළිකා කාරක ලෙස ක්‍රියා කරයි. උදාහරණ ලෙස ගත්කල සොසේජස්, කෘතීම බීම වර්ග, මීට් බොල්ස්, ටින්කළ ආහාර, හැම්, බේකන්,රස කාරක පැකට් සහිත නුඩ්ල්ස් හා සෝයා මීට් ආදී සකස් කරන ලද ආහාර හා කෘමි නාශක හා වල් නාශක වැනි රසායන ද්‍රව්‍ය යොදා වගා කරන ලද පළතුරු එළවළු හා ධාන්‍ය වර්ගත් හැදින්විය හැක.
පළක2අනෙක් ප්‍රධාන හේතුන් වන්නේ දුම්කොළ හා දුම්වැටි භාවිතය, බුලත් කෑම හා මත්වතුර පානයයි. මේ නිසා බොහෝ විට මුඛ පිළිකා ඇතිවේ. දුම්වැටියෙන් පිටවන දුමෙන් පිළිකා කාරක රසායන ද්‍රව්‍ය 70 කට වැඩි ප්‍රමාණයක් අඩංගු බව පර්යේෂණවලින් තහවුරු කර ඇත. මුඛ පිළිකා නිසා දිනකට අප රටෙහි දෙදෙනෙකු මිය යන බව ඔබ දන්නවාද? එසේනම් ඉහත අවදානම් සාධක වලින් මිදීමෙන් පිළිකාවෙන් ඈත්වීමට හැකිවනු ඇත.
ඇස්බැස්ටෝස් වැනි ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවන්හී රැකියාවල නිරතවුවන්, විකිරණවේදීන්, කෘෂි රසායනික ද්‍රව්‍යයන් සමඟ නිතර ගැටෙන පුද්ගලයින්ද පිළිකා රෝග වලට ගොදුරුවීමේ ප්‍රවණතාවය වැඩි බව හඳුනා ගෙන ඇත. මෙම බාහිරින් ඇති වන්නාවු හේතුන් පමණක් නොව ජානමය හේතුන්ද පිළිකා ඇතිවීමට තවත් එක් හේතුවක් ලෙස දැක්විය හැකිය.
එපමණක් නොව විවිධ ඖෂධ වර්ග දීර්ඝ කාලයක් ගැනීමෙන්ද පිළිකා ඇතිවීමේ අවදානමක් පවති.මෙය බොහෝ විට රෝගියකු වෛද්‍ය නිර්දේශයන්ගෙන් බැහැරව තමාගේ අභිමතය පරිදි ඖෂධ ගැනීමෙන් ඇතිවිය හැක. එපමණක් නොව නොයෙකුත් වෛරස් ආසාදන, වැරදි ලිංගික චර්යා, පාරිසරික හේතුන් හා මානසික ආතතියද පිළිකා ඇති කිරීම කෙරේ බලපාන බව හඳුනා ගෙන ඇත.
2012 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවන්ට අනුව එම වසරේ අළුතින් පිළිකා රෝගීන් මිලියන 14.1 ක් ඇති බව හඳුනා ගෙන ඇති අතර එම වසර තුල මිලියන 8.2 ක මියගොස් ඇති බවද පෙන්වා දෙයි. මේ අනුව 2012 මුළු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 32.6 කි. මේ අනුව 2025 වසර වන විට අළුතින් රෝගීන් මිලියන 19.3 ක්ද ඇතිවනු ඇතැයිද එම වසරේ මිලියන 13.2 ක් පිළිකා නිසා මියයනු ඇතැයිද අනුමාන කෙරේ.
ශ්‍රී ලංකාවේ කරන ලද සමීක්ෂණයන්ට අනුව 2006 වසරේදී මියගිය පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව 10,386 කි. 2008 දී දිවයින පුරා පිහිටුවා ඇති ජාතික පිළිකා ඒකකයන්හි ලියාපදිංචි වී ඇති පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව 19,309 ක් වන අතර එය 2014 වන විට 26,341 දක්වා වර්ධනය වී ඇත. මෙම තත්ත්වය අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මහරගම පිළිකා රෝහල පමණක් නොව නුවර,කරාපිටිය,අනුරාධපුර යාපනය, බදුල්ල, මඩකලපුව, රත්නපුර හා කුරුණෑගල යන පළාත්රෝහල් වලද පිළිකා මර්ධන ඒකක ස්ථාපිත කර ඇත.
පිළිකා රෝගයට ගොදුරුවීම වැළැක්වීම සඳහා සමාජය දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයක් වන හෙයින් ඒ පිළිබදව මෙසේ දැනුවත් කරමි.general dentistry
කල් අල්ලා පවතින කැස්ස, කටහඩ වෙනස් වීම, සුව නොවන තුවාලයක් ගැටයක්, ලපයක් හෝ ඉන්නකුගේ හදිසි වෙනස් වීමක් හෝ සීඝ්‍ර වර්ධනයක්, පියයුරු හෝ අන් තැනක ගැටයක් ,ඝනවීමක්, කල් අල්ලා පවතින අජීර්ණය, දිගටම පවතින උණ, ලේ හිඟකම හා ශරීරයේ බර අඩුවීම, මලපහ සමඟ ලේ පිටවීම වැනි ලක්ෂණ හෝ ශරීරයේ දිගටම පවතින යම් වෙනසක් ඇතිනම් වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් උපදෙස් ලබා ගන්න.මෙහිදී කරණු ලබන විශේෂ පර්යේෂණ මගින් පිළිකාවක්දැයි හඳුනා ගැනීමට හැකි වනු ඇත.
බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා රෝග සදහා ශල්‍ය ,පිළිකා නාශක ඖෂධ විකිරණ හා හෝමෝන යන ප්‍රතිකාර විධි සියල්ලක්ම අනුගමනය කෙරේ. පිළිකා සදහා ප්‍රතිකාර කිරීමේදී පිළිකාවේ වර්ගය, ඒ වන විට පිළිකාව පවතින තත්ත්වය වයස හා ප්‍රතිකාර වලට දක්වන සංවේදීතාවය ආදි කරුණු සැලකිල්ලට ගනී.
දේශීය වෙදකමට අනුව පිළිකාව අර්බුදයක් ලෙස හඳුන්වයි. මුලින්ම හඳුනා ගැනීමෙන් අර්බුදයක් සහමුලින්ම ඉවත් කළ හැකිය. ශල්‍ය, ශස්ත්‍ර,ක්ෂාර. අග්නි හා ඖෂධ මගින් අර්බුදය සමුලඝාතනය කිරීමටත් එසේ නොවුනහොත් එය නැවත නැවත වැඩෙන බවත් විෂ හා අග්නිය මෙන් රෝගියා නසන බවත් "භෛජ්‍ය රත්නාවලී" නැමති වෛද්‍ය ග්‍රන්ථයෙහි සඳහන් වේ.
නමුත් වර්තමානයේ දේශිය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා ප්‍රතිකාර සදහා බොහෝ විට ශාක ඖෂධ භාවිතා කරනු ලබයි.ශාක ඖෂධ විෂපළක 3 රහිත වන අතර අතුරු ආබාධ නොමැති බැවින් ප්‍රවේශම් සහිතව දීර්ඝ කාලයක් ලබා දිය හැකිය. මෙම ශාක ඖෂධ විවිධ ආකාරයෙන් ක්‍රියාකර පිළිකා නැසීමට සහාය වේ. එනම් පිළිකා ඇතිකරන රසායන ආදියෙහි විෂ නැසීම වැඩි කිරීම, ප්‍රතිඔක්සිකාරක ක්‍රියාව, අර්බුද අඩුකරන ප්‍රෝටීන් නිපදවීම, ඩී.එන්.ඒ.ක්‍රියා සමතුලිත කිරීම, සෛලයන් අතර සම්බන්ධතාවය ප්‍රකෘතිමත් කිරීම, ස්ථානිකව සහ ශරීරයේ පැතිරීම වැළැක්වීම, ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය කිරීම සිදු කෙරේ.
අප එදිනෙදා ගන්නා බොහෝ ආහාරයන්ද මේ සඳහා වු ඖෂධ ලෙස ක්‍රියා කරයි .විවිධ වර්ණ සහිත ආහාර එනම් කැරට්, තක්කාලි, බීට් , වැනි එළවළු වර්ග වලද ගොටු කොළ, සාරණ, සලාද, රතු වියලි මිරිස් මෙන්ම සුදුරු ,මාදුරු, උළු හාල්,කහ,එනසාල් කරාබු නැටි ,කුරුඳු, ගම්මිරිස්, සුදුළුණු වැනි කුළු බඩු වර්ග වලද පිළිකා නාශක ගුණ අඩංගු වේ. ඉරමුසු, නෙල්ලි, රසකිඳ, පොල්පලා හාතාවාරිය වැනි ඖෂධීය පානයන් පිළිකා නාශක ගුණයෙන් යුතු වන අතර ප්‍රතිශක්ති ජනන ගුණයෙන් ද යුක්තය.
දෙහි, දොඩම්, නාරං, බෙලි, කටු අනෝදා, මුද්දරප්පලම්, වැනි පලතුරු වර්ගද කුඩා මාළු වර්ගද, කෙදි සහිත ආහාර එනම් කොහිල, පලා වර්ග, කෙසෙල් මුව වැනි ආහාර පිළිකා නාශක ගුණයෙන් යුත් ආහාරයන්ය. එහෙයින් වස විස නැති මෙවැනි ආහාර රටාවකට හුරු වීම තුලින් පිළිකා වැළදීමේ අවදානම අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාවේ දේශිය වෛද්‍ය ක්‍රමය හැරුන විට වෙනත් රටවල වෛද්‍ය ක්‍රම මගින්ද පිළිකා රෝගීන්ට යම් යම් සහන සලසයි. චීන කටු චිකිත්සාව මින් එක් ක්‍රමයකි. චීන කටු චිකිත්සාව මගින් පිළිකා රෝගීන්ගේ දැඩි වේදනාව ඖෂධ වලින් තොරව පාලනය කළ හැක.
ස්වභාවික වෛද්‍ය විද්‍යා හෙවත් නැචුරොපති ක්‍රමය ස්වභාවික ඖෂධ ජලධාරා ප්‍රතිකාර , ව්‍යායාම හා චිත්ත සමාධි ක්‍රම මගින්ද පිළිකා රෝගීන්ට සහන සැලසිය හැකි අතර හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන්ද පිළිකා නාශක ඖෂධ රැසක් හදුන්වා දී ඇත.
ශාක ඖෂධවල ඇති පිළිකා වලට එරෙහි ප්‍රතිශක්ති වර්ධන ගුණය හේතුකොට ගෙන පිළිකා රෝගය සුව වීමටත් වේදනාවෙන් සහ වෙනත් අපහසුතාවයන් ගෙන් තොර සුව පහසු දීර්ඝ ජීවිතයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. ඒ සදහා ඔබට සහාය වීමට නාවින්න ආයුර්වේද පළක5පර්යේෂණායතනයේ පිළිකා සායන සෑම අගහරුවාදා හා බදාදා දිනකම ප.ව.2.00 - ප.ව.4.00 දක්වා විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළු වෛද්‍ය කණ්ඩායමකගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.
ප්‍රතිකාර වලින් පසු නිවෙස් වෙත යන රෝගියා රැක බලා ගැනීම පවුලේත් සමාජයේත් වගකීමයි. මෙහිදී රෝගය ජය ගැනීම සඳහා රෝගය වැළදුන අය හා ඔවුන් රැකබලා ගන්නන් මානසික ස්ථාවර භාවය සහ ධනාත්මක සිතිවිලි ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙහිදී පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර වලට අමතරව ඔවුන්ගේ සුව සහනය එනම් ඔවුන්ගේ මානසික සහනය සදහා අවශ්‍ය දැ ලබා දීම ,පෝෂණය හා ශාරිරික ගැටළු අවම කර ගැනීමට සහාය විම තුලින් සුවවීම ඉක්මන් කළ හැක. එමෙන්ම ප්‍රතිකාර කිරීමේදී පැන නගින ආර්ථික ගැටළු විසදා ගැනීමට සමාජයේ සහාය ලබා දීම වැදගත් වන අතර රජයෙන් ලබා දෙන සහනාධාරද මීට එක්කර ගැනීම තුලින් යම් ප්‍රමාණයකින් මෙම ආර්ථික ගැටළු වලින් මිදීමට හැකියාව ලැබෙනු ඇත.
පිළිකා රෝගීන්ගේ ආර්ථික ගැටළු වලට සහාය ලබාදීම සදහා ඔවුන් වෙනුවෙන් සමාජ සේවා අමාත්‍යංශය හා පළාත් සමාජ සේවා අමාත්‍යංශ මගින් ආධාර ලබා දෙන අතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි සමාජ සේවා නිලධාරීන් හරහා මේ සඳහා අයදුම් කළ හැක. ඊට අමතරව ශ්‍රී ලංකා පිළිකා සංගමය ( 0112585879 ) ,පිළිකා සරණ සංගමය (0113155229 ) ඇතුළු සහන සත්කාර ස්වේච්ජා ආයතන රාශියක් ඔවුන්ට සහාය වීමට සුදානමින් සිටිති.
නමුත් අප කළ යුත්තේ නිරෝගී ජිවන රටාවක් තුලින් පිළිකා ඇතිවීම වළක්වා ගැනීමත් නැතහොත් එය කලින්ම හඳුනා ගැනීමට කටයුතු කිරිමත්ය. එමෙන්ම වස විස නැති ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පියවර ගැනීම රජයේ වගකීමයි.මේ තුළින් පිළිකා රෝගය අප රටින් තුරන් කිරීමට හැකිවනු ඇත.
ජාතික පිළිකා මර්ධන වැඩ සටහනෙහි අධ්‍යක්ෂ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු , වෛද්‍ය සුරාජ් පෙරේරා හා නාවින්න ආයුර්වේද රෝහලෙහි වෛද්‍ය ස්වර්ණා කලුතොටගේ යන මහත්ම මහත්මීන් සමඟ කරන ලද සාකච්ජාවක් ඇසුරින් සකස් කළේ
Subscribe to:
Posts (Atom)